වසා දමා තිබූ මහ ඌව තේ කර්මාන්ත ශාලාව මතුරට වැවිලි සමාගමේ ප්‍රතිව්‍යුහගත කිරීම යටතේ පසුගිය දෙසැම්බර් 22 වැනිදා යළිත් විවෘත විය.
අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන්, අමාත්‍ය සී.බී. රත්නායක, නියෝජ්‍ය අමාත්‍ය මුත්තු සිවලින්ගම් සහ ෆ්‍රී ලංකා කැපිටල් ආයතනයේ සභාපති ජෙෆ් ඇලෝෂියස් යන මහත්වරු එම අවස්ථාවට එක්විය.
මතුරට වැවිලි සමාගමේ ප්‍රතිව්‍යුහගත කිරීමත් සමග එම සමාගම ජීව විද්‍යාත්මක ක්‍රම සමග බීජ මර්දනය, පළිබෝධ සහ දිලීර මර්දනය ආදී කටයුතු ඇරඹීම නිසා රසායන ද්‍රව්‍ය භාවිතයද අවම කර ගුණාත්මක තේ නිෂ්පාදනයක් සිදු කිරීමට හැකිවී ඇතැයි සමාගම කියයි.
තම සේවකයන්ගේ වෛද්‍ය පහසුකම් ඉහළ නැංවීම, සංස්කෘතික මධ්‍යස්ථානය, ආරක්ෂිත නිල ඇඳුම්, සුබසාධන නිලධාරීන්ගේ නිරන්තර පරීක්ෂාවන් වැනි සුබ සාධන කටයුතු ක්‍රියාත්මක කිරීමටද ඔවුන් පියවර ගෙන ඇත.
මතුරට වැවිලි සමාගමේ කර්මාන්ත ශාලා මඟින් අමු තේ දළු සපයන කුඩා තේ වතු හිමියන් සඳහා දැනුම්වත් කිරීමේ වැඩසටහන්ද ක්‍රියාත්මක කෙරෙමින් පවතී. පරිසර ආරක්ෂාව පිළිබඳවද සැලකිලිමත්ව ක්‍රියාත්මක වන මෙම සමාගම විශාල වපසරියක ගම්, උණ වැනි ශාක සිටුවා ඇති අතර සේවක නිල නිවාස ආශ්‍රිතවද වගා කටයුතු සිදුකෙරෙයි. කොම්පොස්ට් සෑදීම පරිසර පද්ධතීන් හා බැඳී ඇති රේන් ෆොරස්ට් අලයන්ස්, ඊටීපී, යූටීඉසෙඩ් වැනි සහතික ලබා ගැනීමටද සමාගම මඟින් කටයුතු කරමින් පවතී.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපෙන් සුබ පැතුම්! (නි)
ඉතා ඉහළින් අගය කරනවා (නි)
සතුටුදායක පුවතක් (නි)
වහන්න දෙන්න නම් එපා (නි)
මෙවැනි දනාත්මක දේ දැකීමට අපි ඉතා කමතියි.(නදී)
මෙවැනි දනාත්මක දේ දැකීමට අපි ඉතා කැමතියි (නදී)
මෙවැනි ධනාත්මක දේ දැකීමට අපි ඉතා කැමතියි (නදී)
මෙවැනි දේවල් ඉතා හොඳය (නි)