ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC), කොළඹ කොටස් හුවමාරුව (CSE) සමග එක්ව, නියාමන අනුකූලතාව වැඩි දියුණු කිරීම සහ ලැයිස්තුගත කිරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් ආයතනික මූල්‍ය උපදේශකයන් සඳහා දැනුවත් කිරීමේ සැසියක් පවත්වන ලදී.
නියාමන අපේක්ෂා සපුරාලීම, අයදුම්පත්වල පවතින අඩුපාඩු හඳුනා ගැනීම සහ ආයෝජක විශ්වාසය සහ වෙළෙඳපොළ අඛණ්ඩතාව ශක්තිමත් කිරීමට හොඳම භාවිතයන් ස්ථාපිත කිරීමෙන් ලැයිස්තුගත කිරීමේ ක්‍රියාවලිය වැඩිදියුණු කිරීම සඳහා, සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සහ කොළඹ කොටස් හුවමාරුවේ ආයතනික මූල්‍ය උපදේශකයන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙම සැසියට සහභාගීවූහ.
සහභාගී වූවන් අමතමින් සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඩී.බී.පී.එච්. දිසානායක මහතා, ලැයිස්තුගත කිරීම්, ඒකාබද්ධ කිරීම් සහ අත්පත් කර ගැනීම් සඳහා පහසුකම් සැලසීමේදී ඔවුන්ගේ සාම්ප්‍රදායික කාර්යයන්ට වඩා වෙළෙඳපොළ විශ්වාසය ගොඩනැගීමේදී ආයතනික මූල්‍ය උපදේශකයන් ඉටු කරන වැදගත් කාර්යභාරය ඉස්මතු කළේය.
“ඔබේ පරීක්‍ෂණ ක්‍රියාවලිය, ඔබේ නිසි කඩිසරකම ඔබේ ප්‍රධාන ප්‍රධාන භූමිකාවන්ට අමතරව වෙළෙඳපොළ විශ්වාසයට සෘජුවම සහාය වේ,”‍ සභාපතිවරයා පැවසීය. “නියාමකයකු ලෙස, අපගේ ප්‍රධාන කාර්යය වන්නේ ආයෝජක විශ්වාසය සහ ආයෝජක ආරක්ෂාව දෙස බැලීමයි. තවද වක්‍රව ඔබේ කාර්යය ඒ සඳහාද පහසුකම් සපයයි.”‍
ආයෝජකයන් තීරණ ගන්නේ ඔවුන්ගේ තක්සේරු කිරීම් සහ නිර්දේශ මත බැවින්, ශ්‍රී ලංකා ප්‍රාග්ධන වෙළෙඳපොළේ සමස්ත කීර්තිය ආයතනික මූල්‍ය උපදේශකයන්ගේ වෘත්තීය විනිශ්චය සහ කාර්ය සාධනය මත රඳා පවතින බවද සභාපතිවරයා අවධාරණය කළේය.
මෙම පණිවිඩය ශක්තිමත් කරමින්, CSE හි ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා වෙළෙඳපොළ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමේදී සහයෝගීතාවේ වැදගත්කම අවධාරණය කළේය. “සමාගම් සහ නිකුත් කරන්නන් සඳහා සමස්ත ලැයිස්තුගත කිරීමේ අත්දැකීම සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කිරීම සහ වැඩිදියුණු කිරීම අරමුණයි,”‍ ඔහු පැවසීය. “මෙය අප ප්‍රජාව සමග එක්ව යා යුතු ගමනක්. අපට මෙය තනිවම කළ නොහැකියි.”‍ ඒ මහතා ප්‍රකාශ කළේය.
බැංකු මූල්‍යකරණයට සාපේක්ෂව පොදු ලැයිස්තුගත කිරීම්වල සංකීර්ණත්වය ද ඔහු සඳහන් කළ අතර, මහජන මුදල් සමඟ කටයුතු කිරීමේදී ඉහළ පරීක්ෂාවක් අවශ්‍ය බව පැහැදිලි කළේය. 
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කිරීමේ උප සභාපතිනි කණිෂ්කා මුණසිංහ මහත්මිය, මෑත කාලීන ලැයිස්තුගත කිරීමේ අයදුම්පත් වල, විශේෂයෙන් නඩු හෙළිදරව් කිරීම් සහ නීතිමය නිසි කඩිසරකම සම්බන්ධයෙන් තීරණාත්මක හිඩැස් ඉස්මතු කළාය. මූල්‍ය බලපෑම පමණක් නොව මෙහෙයුම් අඛණ්ඩතාව සහ බලපත්‍ර ඇඟවුම් ද ආවරණය වන පරිදි කොළඹ කොටස් හුවමාරුව එහි අනාවරණය කිරීමේ අවශ්‍යතා පුළුල් කර ඇත.
විස්තර ප්‍රකාශන සකස් කිරීම සඳහා පුළුල් මාර්ගෝපදේශ, වැඩිදියුණු කළ විනිවිදභාවය සඳහා ඩිජිටල් ලැයිස්තුගත කිරීමේ ද්වාරයක් සහ අවම අවශ්‍යතා සපුරා ගත් පසු දින හතක සමාලෝචන කාලරාමු සඳහා කැපවීම ඇතුළුව CSE හි 2026 මුලපිරීම් ඇය ගෙනහැර දැක්වූවාය. “නිශ්චිත ගැටලු‍වක් ව්‍යුහගත කිරීමට පෙර CSE සමග සාකච්ඡා කරන්න. ලැයිස්තුගත කිරීම සහ නියාමන රාමුව තුළ ඕනෑම සංකීර්ණ අවස්ථාවක් පිළිගත හැකිය,”‍ ඇය උපදෙස් දුන්නාය.
නියාමන ඉදිරිදර්ශනය පිළිබඳව අදහස් දක්වමින්, සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ ආයතනික කටයුතු අධ්‍යක්ෂිකා මනුරි වීරසිංහ මහත්මිය, ආයතනික මූල්‍ය උපදේශකයන්ගේ තීරණාත්මක දොරටු පාලක කාර්යභාරය සහ නිසි කඩිසරකම ප්‍රමාණවත් නොවීමේ නියාමන ප්‍රතිවිපාක අවධාරණය කළාය.
“අයදුම්පත් ලැයිස්තුගත කිරීමේදී ඔබ ගනුදෙනු උපදේශකයන් පමණක් නොවේ. මෙම වෙළෙඳපොළේ විශ්වසනීයත්වය පවත්වා ගැනීමට ඔබ දොරටු පාලකයන් වේ,”‍ ඇය පැවසුවාය. “සිල්ලර ආයෝජකයන්ගේ සිට ආයතනික ආයෝජකයන් දක්වා, ඔවුන් ඔබේ තොරතුරු මත විශ්වාසය තබති. එබැවින්, ඔබ ඔබේ රැකියා භූමිකාව බැරෑරුම් ලෙස සලකන අතර ඔබ වෙළෙඳපොළට හෙළි කරන දේ සැමවිටම විශ්වාසදායක බව සහතික කරනු ඇතැයි අපේක්ෂා කරනවා .”‍ ඇය පැවසුවාය.
CFA රීතිවල 33 වැනි වගන්තිය යටතේ නිර්දේශ විස්තර ප්‍රකාශනයේ ඇති සෑම තොරතුරක්ම සත්‍යාපනය කිරීම අනිවාර්ය අවශ්‍යතාවක් බව ඇය අවධාරණය කළ අතර, එසේ කිරීමට අපොහොසත් වීම උල්ලංඝනයක් බවට ඇඟවීය. නියාමන කඩ කිරීම් සඳහා ආයතනික මූල්‍ය උපදේශකයන්ට එරෙහිව දඬුවම් සහ මහජන තරවටු කිරීම් පනවා ඇති බව සඳහන් කරමින් වීරසිංහ මහත්මිය මෑත කාලීන බලාත්මක කිරීමේ ක්‍රියාමාර්ග ද ඉස්මතු කළාය.