නිමල කොඩිතුවක්කු

ශ්‍රී ලංකාවේ වර්ධනය, ඔරොත්තු දීම සහ විවෘත භාවය සඳහා වන වැඩ සටහන්මය ප්‍රතිසංස්කරණ සංවර්ධන ප්‍රතිපත්ති මෙහෙයුම් මාලාව හරහා ලෝක බැංකු අරමුදල් සලසා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව වැනි බහු පාර්ශ්වීය සංවර්ධන ආයතනවලින් ලැබෙන අතරමැදි මුල්‍ය පහසුකම් සලසා ගැනීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම් වැඩසටහන යටතේ අත්‍යවශ්‍ය අංගයක් වශයෙන් හඳුනා ගනු ලැබ ඇත.
ඒ අනුව රටේ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයට තවදුරටත් සහාය වෙමින්, ශ්‍රී ලංකාවේ තරගකාරිත්වය හා විවෘත භාවය ඉහළ නැංවීම, ආර්ථික යහපාලනය වැඩි දියුණු කිරීම සහ එමගින් ශක්තිමත් හා වඩාත් තිරසර ආර්ථික වර්ධනයක් ඇති කිරීම අරමුණු කරගෙන තිබේ.
2026-2028 කාල සීමාව ආවරණය වන පරිදි වසර 03 ක වැඩසටහනක් වන ශ්‍රී ලංකාවේ වර්ධනය, ඔරොත්තු දීම සහ විවෘත භාවය යන වැඩ සටහන්මය ප්‍රතිසංස්කරණ සංවර්ධන ප්‍රතිපත්ති මෙහෙයුම් මාලාව හරහා ඇමෙරිකානු ඩොලර් මිලියන 400 ක් ලබා දීමට ලෝක බැංකුව එකඟතාව පළ කර තිබේ.