• ගුවන් තොටුපොළ 5ක් හරහා මගීන් 1,045,097 දෙනකුට පහසුකම් සලසයි 
  • 2018 වසරට පසුව මාසයක් තුළ වාර්තා කළ ඉහළම අගය මෙයයි 
පසුගිය ජනවාරි මාසයේදී මෙරට ජාත්‍යන්තර ගුවන් තොටුපොළ හරහා හැසිරවූ සමස්ත ගුවන් මගීන් සංඛ්‍යාව 1,045,097 ක් බව ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම පවසයි. 
ඒ අනුව මෙය ඉතිහාසයේ එක් මාසයක් තුළ හැසිරවූ වැඩිම ගුවන් මගීන් සංඛ්‍යාව ලෙස සටහන්ව තිබේ. 
එම සමාගම යටතේ පවතින කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ, හම්බන්තොට මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ, කොළඹ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ රත්මලාන, යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සහ මඩකළපුව ගුවන් තොටුපොළ යන ගුවන් තොටුපොළ හරහා මෙම පහසුකම් සලසා දී තිබේ. 
මීට පෙර මාසයක් තුළ සිදුකළ වැඩිම ගුවන් මගීන් හැසිරවීමේ වාර්තාව 2018 වසරේ ජනවාරි මාසයේදී සටහන්ව ඇති අතර, එහිදී ගුවන් මගීන් 1,034,687 දෙනකුට සේවා සැපයීමට ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම සමත්ව තිබේ.