කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත බලපත්‍රලාභී මූල්‍ය සමාගමක් වන ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී හි කොටස් ගනුදෙනු අත්හිටුවීම 2027 වසරේ මාර්තු 31 වැනිදා දක්වා කල් දැමීමට එම හුවමාරුව අනුමැතිය ලබාදුන් බව පවසයි. සමාගම මේ වනවිට එහි Watch List ලැයිස්තුවට ඇතුළත් කර තිබේ.
පසුගිය මාර්තු 04 වැනිදා සමාගම මගින් කොළඹ කොටස් හුවමාරුවෙන් සිදුකළ ඉල්ලීමකට අප්‍රේල් 20 වැනිදා ලිපියක් මගින් පිළිතුරු ලබා දෙමින් එම හුවමාරුව මෙම කරුණු සඳහන් කර තිබේ.
ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී හි සියයට 73.11 ක කොටස් හිමිකාරීත්වයක් රුපියල් බිලියන 4.1 ක මුදලකට අත්පත් කරගැනීමට එල්බී ෆිනෑන්ස් සමාගම පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී කටයුතු කළේය. ඒ අනුව අදාළ සමාගම් දෙක ඒකාබද්ධ කරමින් ඉදිරියට එල්බී ෆිනෑන්ස් පමණක් මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2027 මාර්තු 31 වැනිදා දක්වා කල් ලබා දී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd