සමස්ත පිරිවැය සහ නැව් ගාස්තුව ඩොලර් 225,000 ක්
වැඩිහිටියන් සහ ළමුන් තුළ ඇති විවිධ දිගුකාලීන සහ ස්වයං ප්‍රතිශක්ති රෝග සඳහා ප්‍රතිකාර කිරීමට භාවිත කරනු ලබන ඇඩලිමැබ් එන්නත් සිරින්ජර 6,000ක් මිල දී ගැනීම සඳහා වන ප්‍රසම්පාදනය ඉන්දියාවේ Reliance Life Sciences Pvt Ltd. වෙත පිරිනැමීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දී තිබේ.
එහිදී ඇමෙරිකානු ඩොලර් 225,000ක මුළු පිරිවැය සහ නැව් ගාස්තු මුදලකට එකී ප්‍රසම්පාදනය පිරිනැමීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අනුමැතිය හිමිව තිබේ. මෙම මිලදී ගැනීම සඳහා ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවා ඇති අතර, ඒ සඳහා ලංසු 04ක් ලැබී තිබේ. ඒ අනුව ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත පදනම්ව සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වූ Reliance Life Sciences Pvt Ltd සමාගම වෙත මෙම ප්‍රසම්පාදනය පිරිනැමී තිබේ. ඉන්දියාවේ ධනවත් ව්‍යාපාරික මුකේෂ් අම්බානිගේ රිලයන්ස් සමූහයට අයත් සමාගමක් වන එම සමාගම මෙම ඇඩලිමැබ් එන්නත් නිෂ්පාදකයාද වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd