අලු‍ත්ගම - තුසිත කුමාර ද සිල්වා


අඩු ආදායම්ලාභී පවුල් දෙසිය පනහක් වෙනුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පිරිනැමීමේ සත්කාරයක් පසුගියදා අරුණ තේ කර්මාන්ත ශාලාවේ සභාපති බේරුවල බදනාගොඩ ව්‍යාපාරික පියසේන දොඩංගොඩ මහතාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් සිදු කෙරිණි.
මෙම අවස්ථාවට වැඩම කළ වලතර සුභූති, සහ මාගල් කන්දේ ධම්මානන්ද යන නාහිමිවරුන්ගේ අනුශාසනා මත ආගමික වතාවත්වලට මුල් තැන දී මෙම සත්කාරය සිදු කළේය.