ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකයට සෘජුවම දායක වන විවිධ ක්ෂේත්‍ර රුසක නියෝජිතයෝ සහභාගී වෙලා
ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයට බලපාන ඉන්ධන බෙදා හැරීමේ ක්‍රියාවලිය සහ එහි පවතින ගැටලු පිළිබඳව සොයා බැලීම සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) අතර විශේෂ සාකච්ඡාවක් පසුගියදා පවත්වා ඇත.
අපනයනකරුවන් මුහුණ දෙන ඉන්ධන ලබා ගැනීමේ අපහසුතා, බෙදා හැරීමේ පවතින බාධා සහ අපනයන ඉලක්ක කරගත් කර්මාන්ත සඳහා ප්‍රමුඛතා පදනමක් මත විශ්වාසදායී ඉන්ධන සැපයුම් යාන්ත්‍රණයක අවශ්‍යතාව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. අපනයන සංවර්ධන මණ්ඩලයේ ඉල්ලීමකට අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා ප්‍රධාන කාර්යාලයේදී මෙම හමුව සංවිධානය කර තිබුණි.
මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකයට සෘජුවම දායක වන විවිධ ක්ෂේත්‍ර රැසක නියෝජිතයෝ සහභාගී වූහ. ඒ අතරට ඇඟලුම්, මැණික් හා ස්වර්ණාභරණ, ඉලෙක්ට්‍රොනික උපකරණ, සමුද්‍රීය කර්මාන්ත, ඖෂධ, පිඟන් මැටි, රබර් සහ තාක්ෂණික ක්ෂේත්‍ර නියෝජනය කරන ආයතන සහ සංගම් ඇතුළත් වේ. විශේෂයෙන්ම, ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය, ශ්‍රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ගේ සංගමය, ලංකා මැණික් හා ස්වර්ණාභරණ වෙළෙඳුන්ගේ සංගමය, ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය, ශ්‍රී ලංකා සමුද්‍ර කර්මාන්ත මණ්ඩලය, ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයන්ගේ සංගමය, ශ්‍රී ලංකා පිඟන් භාණ්ඩ හා වීදුරු කවුන්සිලය (SLCGC), වෘත්තීය ඉංජිනේරුවන්ගේ සංගමය, ශ්‍රී ලංකා මෘදුකාංග සහ සේවා සමාගම් සංගමය (SLASSCOM) ශ්‍රී ලංකා මුද්‍රණකරුවන්ගේ සංගමය (SLAP) ශ්‍රී ලංකා ඉලෙක්ට්‍රොනික නිෂ්පාදකයන්ගේ සහ අපනයනකරුවන්ගේ සංගමය වැනි ප්‍රමුඛ පෙළේ සංගම් රැසක් මෙහිදී තම අදහස් ඉදිරිපත් කළහ.
අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CPC) සභාපති ඩී. ජේ. ඒ. එස්. ද එස්. රාජකරුණා, එහි කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම සාකච්ඡාව, අපනයන ඉලක්ක කරගත් කර්මාන්ත සඳහා විශ්වාසදායක සහ ප්‍රමුඛතා පදනමක් මත ඉන්ධන සැපයීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම කෙරෙහි ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd