
පාරිභෝගික විදුලි උපකරණ හා ස්මාර්ට් ජංගම දුරකතන නිෂ්පාදන ක්ෂේත්‍රයේ ගෝලීය විශිෂ්ටයකු වන Xiaomi, නවතම Redmi Note 15 නිෂ්පාදන පෙළ ශ්‍රී ලාංකේය වෙළෙඳපොළට හඳුන්වා දුන්නේය. මෙම නවතම නිෂ්පාදන පෙළ අතරට සුවිශේෂී පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් නිර්මාණය කර ඇති, ඉහළ කාර්ය සාධනයකින් හා විශේෂාංගවලින් යුත් නවතම Redmi Note 15, Redmi Note 15 5G සහ Redmi Note 15 Pro+ 5G යන නිෂ්පාදන ඇතුළත් වේ.
මෙම අවස්ථාවට එක් වෙමින් Xiaomi Sri Lanka හි මෙරට කළමනාකාර Kain Wang මහතා මෙසේ පැවසීය. “නවතම Redmi Note 15 නිෂ්පාදන පෙළ සමගින් ස්මාර්ට් ජංගම දුරකතනයකින් සපුරාගත හැකි සේවා තවදුරටත් ඉහළ නැංවීමට අපි කටයුතු කර තිබෙනවා. විශේෂයෙන් දිගු කාලීන බැටරි ක්‍රියාකාරීත්වය, ආකර්ෂණීය රූප රාමු සහ AI තාක්ෂණය සමගින් මනා කල්පැවැත්මක් සහිත මෙම නිෂ්පාදන මාලාව ශ්‍රී ලාංකේය පාරිභෝගිකයන්ගේ නොමඳ විශ්වාසය හිමිකර ගනු ඇතැයි අපි විශ්වාස කරනවා.”
නවතම තාක්ෂණය සමගින් ජලයෙන් හා දූවිල්ලෙන් ආරක්ෂාව සලසන Redmi Note 15 නිෂ්පාදන පෙළ ශක්තිමත් තිරය හේතුවෙන් මනා කල් පැවැත්මක් සහතික කරනු ලබයි. එහි සෑම නිෂ්පාදනයක්ම Xiaomi HyperOS තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන අතර මනා ක්‍රියාකාරීත්වය, සුවිශේෂී විශේෂාංග හා සියලු උපාංගයන්හි දිගු කාලීන පැවැත්ම හේතුවෙන් අසමසම අත්දැකීමක් පරිශීලකයන් වෙත ලබා දෙනු නිසැකය.
මෙම නිෂ්පාදන පෙළ අතර විශිෂ්ටතම නිෂ්පාදනයක් ලෙස පෙන්වා දිය හැකි Redmi Note 15 Pro+ 5G ඉහළ මට්ටමේ කාර්ය සාධනයක් සහ කල් පැවැත්මක පාරිභෝගිකයන් වෙත ගෙන එනු ලබයි. 200MP AI තාක්ෂණයෙන් සන්නද්ධ මෙම නිෂ්පාදනය ඡායාරූපයවල අලංකාරත්වය සහිත සැබෑ වර්ණයන් සමගින් වැඩි zoom කිරීමේ හැකියාවක් සහ වීඩියෝ පහසුකම් ලබා දීමට සමත් වේ.
දූවිලි හා ජලයට ඔරොත්තු දෙන IP66 තාක්ෂණය සහ SGS සහතික කළ ශක්තිමත් කල් පැවැත්මක සහිත 7.35mm පමණ සිහින් හැඩකාර ස්මාර්ට් ජංගම දුරකතනයක් වන Redmi Note 15 5G, OIS තාක්ෂණයෙන් යුත් 108MP ප්‍රධාන කැමරාවකින් සමන්විත වේ.
AI Erase, AI Remove Reflection සහ AI Beautify වැනි සුවිශේෂී AI හැකියාව සහිත එය 120Hz සක්‍රිය කිරීමේ අනුපාතයකින් සහ 3200 දක්වා උපරිම දීප්තියක් සහිත අඟල් 6.77 FHD+ AMOLED තිරයක් මගින් ආකර්ෂණීය රූප රාමු පරිශීලකයා වෙත ලබා දෙයි.
දවස පුරා මනා කාර්යක්ෂමතාවයක් සමඟින් ආකර්ෂණීය හා විශ්වාසදායී අත්දැකීමක් පරිශීකයන්ට ලබා දෙන ආකාරයෙන් නිර්මාණය කර ඇති Redmi Pad 2 සුවිසල් 9000mAh (typ) බැටරියකින් සමන්විත වේ.
විශේෂයෙන් සියලු කටයුතු පහසුවෙක් සිදු කර ගැනීමට අවශ්‍ය දිගු බැටරි ආයු කාලයක් ලබා දෙන එය USB Type-C මඟින් 18W වේගවත් ආරෝපණයක් සිදු කර ගැනීමටද හැකි වේ.
නව්‍ය තාක්ෂණයේ විශිෂ්ටත්වය අත්විඳිමින් ඉහළ කාර්ය සාධනයක් අත්විඳීමට කැමැති පරිශීලකයන් සඳහාම නිර්මාණය කර ඇති Redmi Pad 2 Pro 5G, 12,000mAh (typ) සුවිසල් බැටරියකින් සමන්විත වේ. ඉහළ ඵලදායීතාවක් හා බහු කාර්ය හැකියාවක් සහිත Redmi Pad 2 Pro 5G” 33W වේගවත් ආරෝපණයක් සහ 27W දක්වා වන රැහැන් මඟින් ආරෝපණය සමගින් අනෙකුත් උපාංග සඳහා විශ්වාසදායි බල සැපයුමක් සහතික කිරීමටද හැකි වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd