
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික සෞඛ්‍ය අධ්‍යාපන ආයතනය වන International Institute of Health Sciences (IIHS) විසින් එක්සත් රාජධානියේ University of Surrey විසින් ප්‍රදානය කරනු ලබන ආසියාවේ ප්‍රථමDigital Healt ශාස්ත්‍රපති උපාධි පාඨමාලාව ආරම්භ කරමින් කලාපීය සෞඛ්‍ය අධ්‍යාපනයේ සහ ඩිජිටල් නවෝත්පාදනයේ වැදගත් මංසන්ධියක් සනිටුහන් කර ඇත.
ලෝකය පුරා සෞඛ්‍ය පද්ධති වේගයෙන් ඩිජිටල් තාක්ෂණය අනුගමනය කරන මෙම යුගයේ, සෞඛ්‍ය සේවා සැපැයීම හා කළමනාකරණය තුළ තාක්ෂණය, දත්ත සහ නවෝත්පාදන ඒකාබද්ධ කළ හැකි වෘත්තීයවේදීන් සඳහා ඇති ඉල්ලුම වැඩිවෙමින් පවතී. නව Digital Health මෙම අවශ්‍යතාවට පිළිතුරු සපයමින් සෞඛ්‍ය පද්ධති තුළ ඩිජිටල් පරිවර්තනය මෙහෙයවිය හැකි කුසලතා සහ දැනුම සිසුන්ට සපයයි.
ශ්‍රී ලංකාවේ IIHS ආයතනයේ පැවැත්වෙන මෙම පාඨමාලාවෙන් කලාපයෙන් පිට නොයා ගෞරවනීය බ්‍රිතාන්‍ය උපාධියක් ලැබීමට සිසුන්ට අවස්ථාව සලසයි. පාඨමාලාව ඩිජිටල් සෞඛ්‍ය පද්ධති, සෞඛ්‍ය තොරතුරු විද්‍යාව (Health Informatics), දත්ත විශ්ලේෂණය, ඩිජිටල් නායකත්වය සහ නවීන සෞඛ්‍ය තාක්ෂණ ආදිය ආවරණය කරමින් ශාස්ත්‍රීය ගුණාත්මකභාවය සහ ප්‍රායෝගික භාවිතය ඒකාබද්ධ කරයි. මෙම පාඨමාලාව මූලික උපාධියක් ඇති අය සහ සේවයේ නියුතු වෘත්තීයවේදීන් සඳහා සැලසුම් කර ඇත. තාක්ෂණික සෞඛ්‍ය පරිසරයන් තුළ නායකත්ව භූමිකා අපේක්ෂා කරන වෛද්‍යවරුන්ට, හෙද හෙදියන්ට සහ අනුසෞඛ්‍ය වෘත්තීයවේදීන්ට, සංවිධානමය වෙනස්කම් මෙහෙයවන සෞඛ්‍ය කළමනාකරුවන්ට, මහජන සෞඛ්‍ය හා සංවර්ධන ක්ෂේත්‍රයේ වෘත්තීයවේදීන්ට, එමෙන්ම IT, දත්ත විද්‍යාව, ඉංජිනේරු, ජීව විද්‍යා සහ කළමනාකරණ උපාධිධාරීන්ට මෙම පාඨමාලාව විශේෂයෙන් සුදුසු වේ. පෙර තාක්ෂණික පසුබිමක් අවශ්‍ය නොවීම හේතුවෙන් ඩිජිටල් සෞඛ්‍ය නායකත්වයට මාරු වීමට කැමැති වෘත්තීයවේදීන්ටද මෙය විවෘත වේ.
ඩිජිටල් සෞඛ්‍යය වර්තමානයේ ලෝකයේ වේගයෙන් වර්ධනය වන ක්ෂේත්‍රයකි. රෝහල්, සෞඛ්‍ය අමාත්‍යාංශ, රාජ්‍ය නොවන සංවිධාන, රක්ෂණ ආයතන සහ සෞඛ්‍ය තාක්ෂණ සමාගම් අතර ඩිජිටල් විසඳුම් සඳහා විශාල ආයෝජන සිදු වෙමින් පවතී. උපාධිධාරීන්ට Digital Health Specialist, Health Informatics Manager, Healthcare Data and Analytics Manager, Telemedicine Programme Lead, Digital Transformation Manager, Health Technology Project/Product Manager සහ Digital Public Health Specialist වැනි තනතුරුවලට පිවිසිය හැකිය. මෙම ක්ෂේත්‍රයේ ගෝලීය ඉල්ලුම හේතුවෙන් වැඩි රැකියා අවස්ථා සහ ජාත්‍යන්තර වෘත්තීය ගමන් මාර්ග ලැබේ. මෙම ආරම්භය පිළිබඳ අදහස් දක්වමින් IIHS ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ මහතා මෙසේ පැවසීය. “ඩිජිටල් සෞඛ්‍යය යනු සෞඛ්‍ය සේවාවේ අනාගතයයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd