රබර් නිෂ්පාදන ක්ෂේත්‍රයේ දශක පහකට වැඩි අත්දැකීම් සහිත Elasto  සමූහයට අයත් Textrip පෞද්ගලික සමාගම 2025 වසරේදී ප්‍රමුඛ පෙළේ සම්මාන සහ ඇගැයීම් රැසක් දිනා තිබේ. ඒ තුළින් ගුණාත්මකභාවය, නවෝත්පාදනය, තිරසාරත්වය සහ අපනයන විශිෂ්ටත්වය සඳහා ඔවුන් සතු කැපවීම පිළිබිඹු වේ. 
ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය (CNCI) සංවිධානය කළ CNCI Achiever Awards  2025 සම්මාන උළෙලේදී නිෂ්පාදන අංශයට අදාළ පළාත් මට්ටමේ රිදී සම්මානය හා ජාතික මට්ටමේ ලෝකඩ සම්මානය දිනා ගැනීමට එම සමාගමට හැකි විය. ඒ උසස් මෙහෙයුම් සහ නිෂ්පාදන ප්‍රමිතිවලට අනුගත වෙමින් කර්මාන්ත ක්ෂේත්‍රය තුළ විශිෂ්ට කර්යසාධනයක් සහතික කිරීමට ඔවුන් සතු කැපවීම යළි තහවුරු කරමිනි. ශ්‍රී ලංකා ප්ලාස්ටික් සහ රබර් ආයතනය සංවිධානය කළ PRISL Awards  2025 සම්මාන උළෙලේදී අපනයන ආර්ථික ක්ෂේත්‍රයේ උන්නතියට දක්වා ඇති දායකත්වය වෙනුවෙන් වසරේ විශිෂ්ටම අපනයනකරු සඳහා වන සම්මානය දිනා ගැනීමටද එම සමාගමට හැකි විය. අමෙරිකා එක්සත් ජනපදය සහ යුරෝපා රටවල් ඇතුළු රටවල් 30කට වැඩි සංඛ්‍යාවකට නිෂ්පාදන අපනයනය කරන Textrip  ගෝලීය සැපයුම් විශිෂ්ටත්වය සහ නිෂ්පාදනවල ගුණාත්මකභාවය කෙරෙහි ප්‍රමුඛ අවධානය යොමු කරයි.
Elasto සමූහයේ සභාපති සහ කළමනාකරණ අධ්‍යක්ෂ මංගල ගුණසේකර සමාගමේ ගෝලීය ගැනුම්කරුවන්ට සහ කැපවීමෙන් යුතුව සේවය කරන කාර්ය මණ්ඩලයට ස්තුතිය පළ කළේය. ඔහු සඳහන් කළේ අඛණ්ඩව ලැබූ ජයග්‍රහණයෙන් නිෂ්පාදනවල ගුණාත්මකභාවය සහ කාර්ය මණ්ඩලයේ විශිෂ්ට දායකත්වය පිළිබිඹු වන බවයි. Textrip සමාගම 100කට අධික ගෝලීය ක්‍රීඩා සහ යෝග්‍යතා සන්නාම සඳහා අවශ්‍ය නිෂ්පාදන සපයයි. ඔවුන් හඳුන්වා දුන් නව්‍ය නිෂ්පාදනයක් වන TEXSTRETCH Progressive Exercise Resistance Band  ඵලදායි සහ විශ්වාසනීය සුවතා නිෂ්පාදනයක් ලෙස ගෝලීය අවධානය දිනා තිබේ.