
- SLT-MOBITEL Enterprise ඩිජිටල් විසඳුම් සමගින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර බලගන්වයි
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සැපයුම්කරු ලෙසට, ව්‍යාපාරයක මෙහෙයුම් කාර්යක්ෂමතාව, තරගකාරිත්ව හැකියාව සහ ව්‍යාපාර වර්ධනය වැඩි දියුණු කරන ඩිජිටල් සහ AI තාක්ෂණය මත පදනම් වූ විසඳුම් ලබා දීමෙන් SLT-MOBITEL, ශ්‍රී ලංකාව පුරා පැතිරුණු ව්‍යාපාර සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරන සහයකයකුගේ භූමිකාව තුළ සිටී.
කේන්ද්‍රගත වූ වැඩසටහන් ගණනාවක් ඔස්සේ SLT-MOBITEL Enterprise විසින් ව්‍යාපාරික ආයතනවලට ඔවුන්ගේ ඩිජිටල් පරිවර්තනය කරා යන ගමන වඩා වේගවත්ව සිදුකිරීමට හැකියාව ලබා දී තිබේ. ‘SmartChat Mega 2026’ යනු එවැනි ප්‍රමුඛතම වැඩසටහනක් වන අතර එය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (SMEs) වෙනුවෙන්ම විශේෂයෙන් නිර්මාණය කර තිබේ. ඒ අනුව එක් එක් ව්‍යාපාරවල මෙහෙයුම් අවශ්‍යතාවලට ගැළපෙන ලෙසට ඒ සඳහාම නිර්මාණය කළ ඩිජිටල් සහ AI තාක්ෂණය මත පදනම් වූ ව්‍යාපාරික විසඳුම් ලබා දීමට SLT-MOBITEL කටයුතු කරනු ඇත.
බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ඉකුත්දා පැවත්වුණු ‘SmartChat Mega 2026’ වැඩසටහන සඳහා බස්නාහිර පළාතේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් 500 දෙනකුට ආරාධනා කර තිබුණි. ඔවුනට ප්‍රායෝගික සහ පූර්ණ ඩිජිටල් පරිවර්තන අත්දැකීමක්ද එහිදී ලැබිණි. මෙම අවස්ථාවට සහභාගී වූවන්ට තමන්ට වඩාත් ගැළපෙන ඩිජිටල් සහ AI තාක්ෂණ විසඳුම් සෘජුවම අත්විඳීමටත්, SLT-MOBITEL හි පළපුරුදු ඉංජිනේරුවන්ගෙන් සමගින් තම ව්‍යාපාරයට විශේෂයෙන්ම ගැළපෙන ආකාරයේ උපදේශන සේවා ලබාගැනීමටත්, එසේම සුහුරුතාවෙන් යුත්, තාක්ෂණයෙන් බලගැන්වුණු වැඩ කිරීමේ ක්‍රමවේද අනුගමනය කිරීම සම්බන්ධයෙන් පැහැදිලිතාවක් ලබා ගැනීමටත් අවස්ථාව විවර වී තිබිණි. එසේම සෘජුව ලැබුණු විශේෂඥ මග පෙන්වීම හරහා, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට තම ව්‍යාපාරයට වඩාත්ම ගැළපෙන විසඳුම් හඳුනා ගැනීමට හැකි වූ අතර, ඒ ඔස්සේ තම ව්‍යාපාරවල කාර්යක්ෂමතාව, තිරසාර වර්ධනය සහ ලාබ ලැබීමේ හැකියාව වැඩිදියුණු කරගැනීමටද අවස්ථාව ලැබී තිබිණි.
‘SmartChat Mega 2026’, නිරතුරුවම යාවත්කාලීන වන කුටි 12 කින් සමන්විත වූ අතර, ඒ එක් එක් කුටියකින් ම ව්‍යාපාරයකට වඩාත්ම හොඳින් ගැළපෙන ව්‍යාපාරික මෙවලම් ඉදිරිපත් කරන ලදී. AI Hub කුටිය තුළින් ව්‍යාපාර සඳහා AI තාක්ෂණික විසඳුම් සම්පාදනය කිරීම සම්බන්ධයෙන් ගවේෂණය කළ හැකිවූ අතර, E‑Commerce Hub සමගින් ව්‍යාපාර වර්ධනය සඳහා නව අවස්ථා සොයාගැනීමට ඇති හැකියාව ඉදිරිපත් කර තිබිණි. එසේම SmartOps Hub වෙතින් ව්‍යාපාරයක මෙහෙයුම් විධිමත් කරගැනීමේ හැකියාව පෙන්වා දී තිබිණි. SmartSpace කුටිය තුළ IoT තාක්ෂණය සහ සුහුරු කාර්යාලයීය නවෝත්පාදන ඇතුළත් වූ අතර, CloudSuite කුටියෙන් ඒ ඒ ව්‍යාපාරයක ප්‍රමාණයට පරිමාණය කළ හැකි Cloud විසඳුම් සම්පාදන ඉදිරිපත් කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd