ලොව අංක 1 රූපවාහිනී සන්නාමය ලෙස අඛණ්ඩව 20 වැනි වරටත් සිය විශිෂ්ටත්වය තහවුරු කිරීමට පසුගියදා සමත් වූයේ සුවිශේෂී ගෝලීය සන්ධිස්ථානයක් සනිටුහන් කරමිනි. Samsung රූපවාහිනී කර්මාන්තයේ පුරෝගාමීත්වය මෙන්ම නව්‍ය නිපැයුම් වෙනුවෙන් නිරන්තර කැපවීම හා උසස් තාක්ෂණය නැවත නැවතත් තහවුරු කළ මෙම ජයග්‍රහණය සැමරීමට Samsung Sri Lanka කටයුතු කරන ලදී.
ධපාස් වෙළෙඳපොළ පර්‌යේෂණ ආයතනයට අනුව 2025 වසරේදී ගෝලීය රූපවාහිනී වෙළෙඳපොළෙන් සියයට 29.1ක ආදායම් කොටසක් සමගින් ලොව ප්‍රමුඛයා ලෙස සිය ස්ථානය තහවුරු කර ගැනීමට Samsung සමත්ව සිටියි. 2006 වසරේ සිට අඛණ්ඩව දශක දෙකක් පුරා ලොව රූපවාහිනී අතර අංක 1 සන්නාමය ලෙස දිගු කාලයක් පවත්වාගෙන ආ Samsung හි ගෝලීය නායකත්වය පිළිබිඹු කරන අවස්ථාවක් ලෙසද මෙය පෙන්වා දිය හැකිය.
ගෝලීය වශයෙන් Samsung අත්කර ගනු ලැබූ මෙම විශිෂ්ටත්වය ශ්‍රී ලාකේය පාරිභෝගිකයන්ටද ඉතා වැදගත් වන්නේ Samsung සතු ගෝලී නවෝත්පාදන හා විශිෂ්ට කාර්යසාධනය ඒ අයුරින්ම රූපවාහිනී නිෂ්පාදනයන්හිද දැකිය හැකි බැවිනි. ඒ තුළින් ශ්‍රී ලාංකේය පාරිභෝගිකයන්ට මෙන්ම නිවාසවලට නවතම අත්දැකීමක් ලබා දීමට Samsung සමාගමට හැකි වී ඇත. 
විශේෂයෙන් මිනිසුන් රූපවාහිනිය නරඹන ආකාරය වෙනස් කළ සුවිශේෂී නවෝත්පාදන රැසක් රූපවාහිනී කර්මාන්තයට හඳුන්වා දෙමින් සිය නායකත්වය තහවුරු කළ Samsung 2006 වසරේදී ප්‍රථම වරට ලොව අංක 1 රූපවාහිනී සන්නාමය ලෙස ගෞරවයට පාත්‍ර විය. ඒ සඳහා විශේෂයෙන් දායක වූයේ නවීන පෙනුමකින් යුතුව හඳුන්වා දෙනු ලැබූ Bordeaux රූපවාහිනියයි. එතැන් සිට සුපැහැදිලි රූප, ආකර්ෂණීය නිමාව හා ඉහළ සබඳතාව සමගින් තාක්ෂණයෙන් උසස් රූපවාහිනී නිෂ්පාදන රැසක් වෙළෙඳපොළට හඳුන්වා දීමට ඔවුන් කටයුතු කරන ලදී. 
එමෙන්ම 2009 වසරේදී වඩාත් සිහින් නිමාවකින් යුත් විදුලි පරිභෝජනය අවහම සහ ඉහළ ගුණාත්මකභාවයකින් යුත් රූප රාමු ඇතුළත් LED රූපවාහිනී නිෂ්පාදන පෙල හඳුන්වා දීමට Samsung සමත් වූයේ රූපවාහිනී වෙළෙඳපොළෙහි සුවිසල් පරිවර්තනයක් ඇති කරමිනි. 2011 වසරේදී Smart රූපවාහිනී හඳුන්වා දෙමින් මෙතෙක් විවිධ නාලිකා නැරඹීමට පමණක් සීමා වී තිබූ රූපවාහිනිය අන්තර්ජාලය හරහා විවිධ app සහ streaming servi ඍජුවම ලබා ගත හැකි විනෝදාස්වාද මධ්‍යස්ථානයක් බවට පත් කිරීමටද Samsung ප්‍රමුඛත්වය ගනු ලැබීය.