Sadaharitha Forestry Awards 2025’ මොරටුව ‘Ramadia Grand’ හී දී අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මෙහිදී සදාහරිත සමාගමේ විකුණුම් අංශය තුළ විශිෂ්ටතම දක්ෂතා පෙන්නුම් කළ සාමාජික සමාජිකාවෝ ඇගයීමට ලක් වූහ. මෙම අවස්ථාවට සදාහරිත සමූහයේ සභාපති සතිස් නවරත්න මහතා ඇතුළුව අධ්‍යක්ෂ මණ්ඩලයේ හා කළමනාකාරීත්වය මෙන්ම පසුගිය වසරේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සහ ආරාධිත අමුත්තන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
සදාහරිත සමාගමේ දියුණුව වෙනුවෙන් කැපීපෙනෙන දායකත්වයක් ලබාදෙමින් ඉහළම විකුණුම් දක්ෂතා වාර්තා කළ විශිෂ්ටයන් ඇතුළු එම සමාගමේ විකුණුම් අංශයේ තවත් අතිදක්ෂයන් පිරිසක් වෙත මෙහිදී සම්මාන පිරිනැමිණි. එම සම්මාන ඔවුන්ගේ දක්ෂතාවලට මෙන්ම උනන්දුවට හා කැපවීමට පිදුණු උපහාරයක් වූ අතර, එය සමාගමේ කාර්ය මණ්ඩලයේ සෙසු සාමාජික සාමාජිකාවන්ටද මහඟු ආදර්ශයක් විය. එමෙන්ම සම්මාන උළෙලේ සෑම සම්මානයකින්ම සදාහරිත සමාගමේ විශිෂ්ට ආයතනික සංස්කෘතියද සංකේතවත් විය. සදාහරිත සමාගම වර්තමානයේ මෙරට අංක එකේ වාණිජ වන වගා කළමනාකරණ සහ හරිත ආයෝජන සමාගමයි.
මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් සදාහරිත සමූහයේ සභාපති සතිස් නවරත්න මහතා මෙසේ පැවසී ය. අද රාත්‍රිය වෙන් වී ඇත්තේ, තමන් සතු ඉලක්ක නිරන්තරයෙන්ම සාර්ථක ප්‍රතිඵල බවට පත් කරන අපගේ විශිෂ්ටයන් ඇගයීම සඳහායි. අපගේ විකුණුම් කණ්ඩායම් හුදෙක් ඉලක්ක සපුරාගැනීමෙන් ඔබ්බට ගොස්, හරිත ආයෝජන කෙරෙහි විශ්වාසය ගොඩනැගීමටත්, තිරසාර වන වගා ක්ෂේත්‍රයේ අප සතු නායකත්වය තහවුරු කිරීමටත් සුවිශේෂී දායකත්වයක් ලබා දෙයි. ඔවුන් වසරින් වසර ආයතනයක් ලෙස අප නව මානයන් කරා මෙහෙයවනවා. අද දින ජයග්‍රාහකයන් විසින් පිහිටුවන ලද එම උසස් ප්‍රමිති අප සැමට මහඟු ආදර්ශයකි. සදාහරිත ආයතනය වර්ධනයේ මීළඟ අදියර කරා රැගෙන යන එම උත්සාහය තවදුරටත් ශක්තිමත් කිරීමට අපි සැමවිටම කැපවී සිටින්නෙමු.
සදාහරිත සම්මාන උළෙල දී සමාගමට සිය අරමුණු ඉටුකර ගැනීමට නොමඳ දායකත්වයක් ලබා දුන් අලෙවි වෘත්තිකයන් ඇගයීමට අමතරව, සමාගමේ අනාගත සැලසුම් අනාවරණය කිරීම සහ ඉදිරි දැක්ම පිළිබඳව සහභාගී වූවන් දැනුවත් කිරීමක්ද සිදුවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd