ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL සිය ආයතනික විශිෂ්ටත්වයේ තවත් පියවරක් ඉදිරියට තබමින් පසුගියදා පැවති TAGS Awards 2025 හිදී නැවත වරක් දුරකථන සන්නිවේදන තාක්ෂණ කාණ්ඩයේ රන් සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් විය. මෙම සම්මානය හිමි වූයේ SLT-MOBITEL හි 2024 වාර්ෂික වාර්තාව වෙනුවෙනි. 
දීර්ඝ කාලයක පටන් SLT-MOBITEL මෙලෙස වගකීම්සහගත ආයතනික පාලනය, නව්‍ය වාර්තාකරණය සහ තිරසාරත්වය සිය ප්‍රධාන ව්‍යාපාරික ක්‍රමෝපායෙහි අනිවාර්ය අංගයක් බවට පත්කරගැනීම සම්බන්ධයෙන් ව්‍යාපාර ක්ෂේත්‍රයේ දැවැන්තයන් අතර ඇගයීමට ලක් වී තිබේ. SLT-MOBITEL යනු පැහැදිලි අරමුණක් සහිත විනිවිදභාවයකින් යුතු සමාගමක් බව යළි තහවුරු කරන මෙම ජයග්‍රහණය, සමාගමේ පාර්ශ්වකරුවන් තුළ ඇති විශ්වාසය තවදුරටත් වර්ධනය කරවනු නිසැකය. 
TAGS සම්මාන උළෙල සංවිධානය කරනු ලබන්නේ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය [Institute of Chartered Accountants of Sri Lanka (CA Sri Lanka)] මගිනි. මෙම සම්මාන උළෙලට වසර 60 ක ඉතිහාසයක් ඇත'