
Russel’s සමාගම 2026 පෙබරවාරි මාසයට අදාළ විශිෂ්ට සේවකයන් නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය. විශිෂ්ට කාර්යසාධනය, වෘත්තීයභාවය සහ උසස් සේවා ප්‍රමිති පවත්වා ගෙන යාම සඳහා වන කැපවීම යන කරුණු මත පදනම් වී මෙම විශිෂ්ටයන් තෝරා ගන්නා ලදී. මෙම මාසික සම්මාන පිරිනැමීම ආයතනය තුළ නිරන්තරයෙන් උසස් කාර්යසාධනයක්, කණ්ඩායම් හැඟීමක්, වගකීම්සහගතභාවක් සහ ඉහළ සේවා ගුණාත්මකභාවයක් පවත්වා ගෙන යාමට උපකාර වේ.
2026 පෙබරවාරි මාසයේදී ආර්. එම්.කේ. රෝසි (මාසයේ විශිෂ්ටම කාර්ය මණ්ඩල සාමාජිකාව), මධුශානි (විශිෂ්ටම කේටරින් ස්ටුවඩ්වරිය), ඉනෝකා (විශිෂ්ටම ස්ටුවඩ්වරිය), ශාලින්ද (වැඩිම කැපවීම සහිත සේවකයා), පී.ආර්. තිළිණ චතුරංග (විශිෂ්ට ස්ටුවඩ්වරයා) යන මහත්ම මහත්මීහු සම්මාන ලැබූහ.
සම්මාන ප්‍රදානය කිරීමේ අවස්ථාවට Russel’s සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්ව කණ්ඩායමේ සාමාජිකයන් වන අධ්‍යක්ෂ ජෙහාන් පෙරේරා, අධ්‍යක්ෂ රශේන් පෙරේරා, මූල්‍ය කළමනාකරු පුලස්ති උපුල්දෙණිය සහ කේටරින්ග් සම්බධීකාරක සැන්ඩ්‍රා හැමර් සහභාගී වූහ. සම්මානලාභීන්ට සුභ පැතුම් එක් කරමින් ආයතන කළමනාකාරිත්වය ප්‍රකාශ කළේ සේවකයන්ගේ විශිෂ්ටත්වය හඳුනා ගැනීම හා ප්‍රවර්ධනය කිරීමෙන් කාර්ය සාධනය මත පදනම් වූ ආයතන සංස්කෘතිය තව දුරටත් ශක්තිමත් කිරීම තමන්ගේ අරමුණ බවයි. මෙවැනි සම්මාන මගින් සේවක උද්යෝගය, කණ්ඩායම් එකමුතුකම සහ සේවා ප්‍රමිති වර්ධනය වන බවද ඔවුහු සඳහන් කළහ. Russel’s සමාගම තම සේවකයන් ආයතනයේ වැදගත්ම වත්කමක් ලෙස සළකමින් ඔවුන්ගේ කැපවීම හා විශිෂ්ටත්වය අගය කරන පරිසරයක් නිර්මාණය කිරීමට අඛණ්ඩව කැප වී සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd