මෙරට ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම තාක්ෂණික විසඳුම් සපයන්නා වන Retail IT (පුද්ගලික) සමාගම, Sumathi Information Technologies හි ඒකාබද්ධ විශේෂඥතාව සමගින්, 2026 වසරේ තාක්ෂණික උපාංගයන් ප්‍රදර්ශනය කරන Retail Industry: Technology Trends 2026 – The Enterprise Experience’ වැඩසටහන, පසුගියදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හිදී උත්කර්ෂවත් අන්දමින් පවත්වනු ලැබීය.
දෛනිකව වැඩිවන මෙහෙයුම්, ඒකාබද්ධ කිරීමේ අවශ්‍යතාව සහ ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින අභියෝග සඳහා සාමාන්‍ය ව්‍යාපාරිකයන් සහ මහා පරිමාණ ව්‍යාපාරිකයන් අනුවර්තනය විය යුතු ආකාරය පිළිබඳව මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.
මෙම අවස්ථාවට දිවයින පුරා සිටින ව්‍යාපාර හිමිකරුවන්, මෙහෙයුම් අධ්‍යක්ෂවරුන් සහ ව්‍යවසාය ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ සම්පාදකයන් රැසක් එක්ව සිටි අතර, ඔවුහු සුළු හා මහා පරිමාණ ව්‍යාපාරවල වර්ධනය උදෙසා පුළුල් දායකත්වයක් ලබා දෙන පිරිසක් වූහ. මෙහිදී ඒකාබද්ධ ERP , උසස් POS පද්ධති, ව්‍යාපාරවල කාර්යක්ෂමතාව වැඩි දියුණු කෙරෙන ස්මාර්ට් ආරක්ෂක විසඳුම්, මෙහෙයුම් දෘශ්‍යතාව ශක්තිමත් කිරීමට සහ තිරසාර වර්ධනයට සහාය විය හැකි ආකාරය සජීවී නිරූපණයන් සහිතව ඉදිරිපත් කරමින්, නවීන තාක්ෂණයෙහි ප්‍රායෝගික භාවිතයන් පිළිබඳව අවධානයක් යොමු කළේ ය.
මෙදින උත්සව සන්ධ්‍යාවේ කැපී පෙනෙන අවස්ථාවක් වූයේ ව්‍යාපාරික මෙහෙයුම්, දත්ත කළමනාකරණය සහ ආරක්ෂක පද්ධති එකාබද්ධ පද්ධතියක් ලෙස ක්‍රියා කළ හැකි ආකාරය පෙන්නුම් කළ ප්‍රායෝගික සිදුවීම් හරහා හඳුන්වා දුන් Adler ERP (ඒකාබද්ධ ව්‍යවසාය ව්‍යපාර කළමනාකරණ වේදිකාවක්) ශ්‍රී ලංකාව තුළ දියත් කිරීමයි. මෙහිදී POS සහ Kitchen Display වැනි නවතම සුවිශේෂී උපාංගයන් ඉදිරිපත් කරනු ලැබුවේ Posiflex Taiwan හි Kelly Lee මහත්මිය විසිනි.
මෙම උත්සව අවස්ථාව අමතමින් සුමති සමූහයේ IT Cluster හි ප්‍රධාන විධායක නිලධාරී චන්දිම වික්‍රමතුංග මහතා මෙසේ පැවසීය.‘ව්‍යාපාරික ක්ෂේත්‍රය, ERP පද්ධති සහ POS උපාංගවල සිට ඩිජිටල් ගෙවීම් සහ විශ්ලේෂණ දක්වා පරිවර්තනය වී ඇති පසුබිමක, සිය ව්‍යාපාර කාර්යක්ෂමතාව වැඩි කර ගැනීමට මෙන්ම ස්ථාවර වර්ධනයක් කරා යාමට විශ්වාසවන්ත හවුල්කරුවකු සමග කටයුතු කිරීම ඉතාම වැදගත් වේ’’
ව්‍යාපාරික හා ව්‍යවසායක ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් මුහුණ දෙන වර්තමාන අභියෝග, පද්ධති ඒකාබද්ධ කිරීම, දත්ත මත පදනම් වූ තීරණ ගැනීම සහ මෙහෙයුම්වලට ඔරොත්තු දීමේ හැකියාව ඇතුළු වැදගත් කරුණු සම්බන්ධයෙන් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් විසින් මෙහෙයවන ලද සාකච්ඡා සහ විසඳුම් මාර්ගෝපදේශ ද මෙම වැඩසටහනට අන්තර්ගත විය. එමෙන්ම මෙහි පැමිණ සිටි පිරිස් හට ව්‍යාපාර ක්ෂේත්‍රයේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි උපායමාර්ග හා සම්බන්ධ වීමට ද අවස්ථාව සලසා දී තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd