මෑත කාලීනව රට මුහුණ දුන් ව්‍යවසනවලින් පීඩාවට පත් ජනතාව නැවත නගාසිටුවීමට සහාය වීමට පිහිටුවන ලද ජාතික මට්ටමේ මුලපිරීමක් වන ‘‘Rebuild Sri Lanka” අරමුදල තවත් ශක්තිමත් කිරීම සඳහා සහාය ලබා දෙමින් NDB බැංකුව ජාතිය නැවත නගා සිටුවීම සහ අඛණ්ඩ ඔරොත්තු දීමේ හැකියාව සඳහා ඔවුන්ගේ ඇති කැපවීම යළිත් තහවුරු කරන ලදී.
පීඩාවට පත් ජනතාවගේ ජීවනෝපාය යථා තත්වයට පත් කිරීම, යටිතල පහසුකම් නැවත ගොඩනැගීම සහ තිරසාර නැවත නගාසිටුවීම අරමුණු කරගනිමින් සාමූහික ප‍්‍රයත්නය ඉදිරියට ගෙන යාම සඳහා ජාතික ආයතන සමග NDB බැංකුවේ අඛණ්ඩ හවුල්කාරිත්වය අවධාරණය කරමින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම දායකත්වය නිල වශයෙන් භාර දෙන ලදී. මෙම මුලපිරීමෙන්, විශේෂයෙන් ජාතියම නැවත ගොඩනැගෙන මෙවන් කාල පරච්ඡේදයකදී ආර්ථික ස්ථාවරත්වය සහ සමාජ ඔරොත්තු දීමේ හැකියාව සාමූහිකව ඉදිරියට ගෙන යා යුතු බවට බැංකුව සතු විශ්වාසය තහවුරු කරයි.
මෙම අවස්ථාවට NDB බැංකුව නියෝජනය කරමින් එහි නියෝජ්‍ය ප‍්‍රධාන විධායක නිලධාරී කේ.වී. විනෝජ්, පුද්ගලික බැංකුකරණය සහ පාරිභෝගික අත්දැකීම් පිළිබඳ ජ්‍යෙෂ්ඨ උප සභාපති සංජය පෙරේරා සහ මානව සම්පත්/ ආයතනික තිරසාරත්වය පිළිබඳ උප සභාපති ලසන්ත දසනායක යන මහත්වරු මෙම අවසථාවට සහභාගී වූහ. මෙම අවස්ථාව මූල්‍ය අතරමැදියකු ලෙස පමණක් නොව, රටේ දිගුකාලීන සංවර්ධනය සහ ස්ථාවරත්වය සඳහා සක්‍රීයව දායක වන වගකිවයුතු ආයතනික පුරවැසියකු ලෙස NDB බැංකුවේ කාර්යභාරය සංකේතවත් කරන ලදී.
එහි පුළුල් පාරිසරික, සමාජීය සහ පාලන (ESG) රාමුව සමඟ පෙළගැසී ඇති, NDB බැංකුව සිය ව්‍යාපාරික දර්ශනයට අරමුණු සහිත ක්‍රියාමාර්ග අඛණ්ඩව ඒකාබද්ධ කරමින් ඉදිරියට ගමන් කරයි. ප‍්‍රජාවන් සවිබල ගැන්වීම, ආර්ථික පුනර්ජීවනයට සහාය වීම සහ දිවයින පුරා සියලුදෙනාම ඇතුළත් වන වර්ධනයක් ප‍්‍රවර්ධනය කිරීම සඳහා අඛණ්ඩව කටයුතු කරන Rebuild Sri Lanka අරමුදල සඳහා බැංකුවේ මැදිහත්වීම පෙන්නුම් කෙරේ.
COMMENTS