Power World ශරීර සුවතා මධ්‍යස්ථාන ජාලය සහ Kings Hospital Colombo අතර විශේෂ හවුල්කාරීත්වයකට පසුගියදා අත්සන් තැබිණි. මෙම හවුල්කාරීත්වය යටතේ Power World ආයතනය Kings Hospital හි නිල ශරීර සුවතා හවුල්කරු ලෙස කටයුතු කරනු ඇත.
මෙරට ප්‍රධානතම ශරීර සුවතා සන්නාමය වන Power World වසර 30 ක අධික කාලයක් පුරා ලාංකිකයන් වඩාත් සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවලට හුරුකරවීම සඳහා සුවිශාල කාර්යභාරයක් ඉටු කර තිබේ. මෙම හවුල්කාරීත්වයෙහි එක් පියවරක් වශයෙන් Power World විසින් Kings Hospital හි කාර්ය මණ්ඩලයේ කායික හා මානසික සුවතාව වෙනුවෙන් විශේෂයෙන් සැලසුම් කළ සුවතා වැඩසටහනක් හඳුන්වා දෙනු ඇත.
මෙය ලාංකිකයන්ගේ යහපත වෙනුවෙන් දිනපතා කැපවෙන සෞඛ්‍ය සේවයේ සාමාජික සාමාජිකාවන් පිරිසකගේ කායික හා මානසික සුවතාව වැඩිදියුණු කරමින් ඔවුන් නිරෝගී ජීවන රටාව වෙත යොමුකරවීම සඳහා Power World දරන සුවිශේෂී උත්සාහයක් ලෙස හැඳින්විය හැකි වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd