මහජනතාව සහ මිහිකත පෙරටු කරගත් ‘People and Planet First හි හවුල්කරුවකු ලෙස DFCC බැංකුව ඇගයීමට ලක්ව ඇති අතර, මෙම සුවිශේෂී ගෝලීය ගෞරව නාමය හිමිකරගත් ප්‍රථම ශ්‍රී ලාංකීය බැංකුව ලෙස එය ඉතිහාසයට එක්වෙයි.
‘People and Planet First’ වැඩසටහනේ නිල ගෝලීය හවුල්කරුවකු වන ‘Good Market Sri Lanka’ හරහා පිරිනමන ලද මෙම ඇගයීමෙන්, සමාජීය සහ පාරිසරික වටිනාකම් සිය ව්‍යාපාරික මෙහෙයුම්වල කේන්ද්‍රය ලෙස සලකන ව්‍යවසාය සවිබල ගැන්වීමට DFCC බැංකුව ඉටු කරන සුවිශේෂී මෙහෙවර තහවුරු කෙරේ.
තිරසාරභාවය යනු හුදෙක් අතිරේක අංගයක් ලෙස නොව, සිය ණය ලබාදීමේ ක්‍රියාවලිය, අවදානම් තක්සේරු කිරීම සහ ව්‍යවසායකත්වය දිරිගැන්වීමේ උපායමාර්ගයන්හි මූලික පදනම ලෙස DFCC බැංකුව විසින් අනුගත කර ගෙන තිබේ. සදාචාරාත්මක නිෂ්පාදන ක්‍රියාවලි, ප්‍රජා යහපැවැත්ම, සාධාරණ ජීවනෝපාය, පාරිසරික භාරකාරත්වය සහ වගකීම් සහගත ව්‍යාපාරික වර්ධනය සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන ව්‍යවසාය සඳහා මූල්‍ය පහසුකම් සැලසීම මෙහිදී විශේෂත්වයකි. මෙම ඇගයීම හරහා බැංකුව විසින් ව්‍යාපාර සඳහා මූල්‍ය ප්‍රතිපාදන සැපයීම පමණක් නොව, ලංකාවේ සංවර්ධනයට අර්ථවත් ලෙස දායක වන ව්‍යවසායකයන් සවිබල ගැන්වීම සඳහා දක්වන කැපවීම ද ඇගයීමට ලක් කර ඇත.
DFCC බැංකුව මූල්‍ය පහසුකම් සැපයීමට අමතරව මූල්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීම, ව්‍යවසායකත්ව සංවර්ධනය සහ විවිධ ක්ෂේත්‍ර සඳහා ලබා දෙන විශේෂඥ සහාය මගින් සදාචාරාත්මක ව්‍යවසායන්හි ස්ථාවරත්වය සහ දිගුකාලීන ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීමට දායක වේ.
මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා මහතා මෙසේ ප්‍රකාශ කළේය. ‘‘DFCC බැංකුවේ අපට තිරසාරභාවය යනු හුදෙක් සටන් පාඨයක් හෝ තවත් එක් ව්‍යාපෘතියක් නොවේ, එය බැංකුකරණය සහ ජාතික සංවර්ධනය දෙස අප බලන සැබෑ දැක්මයි. ‘People and Planet First’ හවුල්කරුවකු ලෙස අපව ඇගයීමට ලක්වීම, පාරිසරික වශයෙන් වගකීම් සහගත ව්‍යාපාරික භාවිතයන් වෙනුවෙන් පෙනී සිටින ව්‍යවසායකයන් සවිබල ගැන්වීමට අප සතු කැපවීම තවදුරටත් ශක්තිමත් කරනවා. මෙලෙස ගෝලීය හවුල්කරුවන් සහ දේශීය කණ්ඩායම් සමඟ එක්ව කටයුතු කිරීමට ලැබීම ගැන අප ආඩම්බර වනවා.”
Good Market Sri Lanka ආයතනයේ සම-නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂිකා අචලා සමරදිවාකර මහත්මිය අදහස් දක්වමින් මෙසේ පැවසුවාය. “’People and Planet First’ හවුල්කරුවකු ලෙස ඇගයීම මගින් සමාජීය සහ පාරිසරික වටිනාකම් නිර්මාණය කරන ව්‍යවසාය සඳහා ප්‍රායෝගික හා අර්ථවත් සහයෝගයක් ලබා දෙන ආයතන ඉස්මතු කෙරෙනවා. සදාචාරාත්මක සහ තිරසාර ව්‍යාපාර සමග DFCC බැංකුව පවත්වන සක්‍රීය සම්බන්ධතාව අගය කළ යුතු අතර, මෙම ඇගයීම වගකීම් සහගත මූල්‍යකරණය සඳහා ඔවුන් දක්වන වර්ධනය වන කැපවීම පිළිබිඹු කරන්නක්. මහජනතාවට සහ මිහිකතට ප්‍රමුඛත්වය ලබා දෙන ආර්ථිකයක් ශක්තිමත් කිරීමට සහය වන මෙවැනි හවුල්කරුවන් Good Market Sri Lanka වෙත සාදරයෙන් පිළිගන්නවා.”

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd