- මුදල් ගෙන්වා ගැනීමට මෙරට බැංකු ගිණුමක් එක් කරගැනීමේ අවස්ථාව දෙයි ඩිජිටල් නෝමැඩ් විසා සඳහා ලබා දෙන පහසුවක් බවට විශේෂඥ අදහස්
භානුක අමරසිංහ
ජාත්‍යන්තර අන්තර්ජාල ගෙවීම් වේදිකාවක් වන PayPal හරහා යළිත් වරක් ශ්‍රී ලාංකිකයන්ට මුදල් ගෙන්වා ගැනීමේ අවස්ථාව උදා කරදෙමින් පවතින බව වාර්තා වෙයි.
ඒ අනුව එම පහසුකම සඳහා වන දේශීය බැංකු ගිණුමක්, මෙරට තුළ ආරම්භ කළ PayPal ගිණුමකට එක් කිරීමේ අවස්ථාව දක්වා වන අදියර තෙක් ගිණුම් හිමියන්ට අවස්ථාව ලබාදී තිබෙන බව සඳහන් වෙයි.
එසේම Paypal.com/LK ලෙස ශ්‍රී ලංකාව සඳහා වෙන් වූ වෙබ් ලිපිනයක්ද මේ වනවිට සකස් කෙරී ඇතැයි මේ පිළිබඳ විශේෂඥයෝ සඳහන් කරති.
මෙතෙක් කලක් මෙරට PayPal ගිණුම් හරහා විදේශයන් වෙත ගෙවීම් කිරීමේ අවස්ථාව ලබාදී තිබුණද, මුදල් ගෙන්වා ගැනීම සඳහා පහසුකම් ලබා දී නොතිබුණි. එම පහසුකම ලබානොදීමට මූලික හේතුව මෙරට තුළ සිදුවන ජාත්‍යන්තර ගනුදෙනු ප්‍රමාණවත් නොමැතිවීම බවටද අදහසක් පැවතුණි.
මේ සම්බන්ධයෙන් ලංකාදීප FT සිදුකළ විමසුමකට පිළිතුරු දුන් මෙරට තොරතුරු තාක්ෂණික විශේෂඥයකු වන APIDM හි නිර්මාතෘ අමිත අමරසිංහ මහතා, ලංකාවට වඩා අඩු දළ ජාතික නිෂ්පාදනයක් පවතින රටවලට වඩා මෙම PayPal පහසුකම හිමිව තිබූ බවත්, එහිදී එම රටවල සංචාරක කර්මාන්තයේ දියුණූව ඊට හේතු වූ බවත් සඳහන් කළේය.
“ලංකාවේ ඉඳගෙන විදේශ සමාගම් සහ තනි පුද්ගලයන් වෙත නිදහස් වෘත්තිකයන් ලෙස සේවා සලසන ශ්‍රී ලාංකිකයන්ට මේ PayPal හරහා වඩාත් පහසුවෙන් තමන්ගේ ගෙවීම් ගෙන්වා ගන්න පුළුවන් වෙනවා.
මෙතෙක් කලක් ඔවුන් විවිධ අයථා මාර්ගවලින් සකස් කරගත් PayPal ගිණුම් හරහා තමයි ඒ මුදල් ගෙන්වා ගත්තේ. මේ පහසුකම හිමි වෙනවා නම් එය රටට ඉතාමත් හොඳයි.”
මේ අතර ශ්‍රී ලංකා රජය හඳුන්වාදීමට නියමිතව ඇති ඩිජිටල් නෝමැඩ් වීසා (DNV) පහසුකම වඩාත් පහසු කිරීමේ අරමුණින් රජයේ මැදිහත්වීම හරහා මෙලෙස PayPal හරහා මුදල් ගෙන්වා ගැනීමේ පහසුකම පිළිබඳව අවධානය යොමු වී ඇතැයිද අමරසිංහ මහතා අදහස් කරයි.
“වයස අවුරුදු 18 ට වැඩි ඕනෑම විදේශිකයකුට මේ වීසා පහසුකම හරහා මෙරට රැඳී සිට විදෙස් ගනුදෙනුකරුවන්ට ඩිජිටල් සේවා සැලසිය හැකියි. එහිදී ඔවුන් මාසයකට ඩොලර් 2000ක ආදායමක් මෙරටට ගෙන්වා ගත යුතු වෙනවා. එතැනදී ඔවුන්ට මෙරටදී ආරම්භ කරන PayPal ගිණුමක් තිබුණොත් විතරයි ලංකාවට වාසි වෙන්නේ.”
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd