ඔටෝ රීෆිනිෂ් නිෂ්පාදන සම්බන්ධයෙන් මෙරට ප්‍රමුඛතම නාමය වන ඒෂියන් පේන්ට්ස් කෝස්වේ “Night of Champions” තේමාව යටතේ පසුගියදා ITC රත්නදීප හෝටලයේ පැවති සිය බෙදාහැරීමේ නියෝජිත සමුළුවේදී, ඔටෝ රීෆිනිෂ් නවෝත්පාදනයේ නව යුගයක් සනිටුහන් කළේය.

අලෙවි නියෝජිතයන් සහ ආයතනික හවුල්කරුවන් 250 කට අධික පිරිසක් සහභාගී වූ මෙම අවස්ථාව මෙරට මෝටර් රථ ක්ෂේත්‍රයේ මෙතෙක් පැවැත්වුණු විශාලතම සහ ආකර්ෂණීයතම සමුළුවක් ලෙසින් හැඳින්විය හැකි අතර ඒෂියන් පේන්ට්ස් ඔටෝ රීෆිනිෂ් සන්නාමයේ ප්‍රකාශනය වන වේගය, නිරවද්‍යතාව සහ විශිෂ්ට ක්‍රියාකාරිත්වය නිරූපණය වන පරිදි ෆෝමියුලා 01 ධාවන පථයක ආභාෂය ඇසුරෙන් සමුළු භූමිය නිර්මාණය කර තිබීම විශේෂත්වයකි.

සාර්ථකම ප්‍රථිඵල දැක්වූ හවුල්කරුවන්/නියෝජිතයන් ඇගයීමට ලක් කිරීම සහ සමාගමේ ඉදිරි දැක්ම ඉදිරිපත් කිරීම සමුළුවේ එක් අරමුණක් වුවද, එහි ප්‍රධානතම ආකර්ෂණය වූයේ මෝටර් රථ රීෆිනිෂ් අංශයේ නියැලෙන වෘත්තීයමය කාර්මික ශිල්පීන්ගේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහාම නිපදවන ලද සුවිශේෂී නව ඔටෝ රීෆිනිෂ් නිෂ්පාදන දෙකක් හඳුන්වා දීමයි.

එහිදී හඳුන්වා දුන් ප්‍රධානතම නිෂ්පාදනයක් වන Star Class MAXXCUT Metal Filler” ඉතා ඉහළ නිරවද්‍යතාවකින් සහ වේගයකින් ක්‍රියා කරන සුවිශේෂී නිෂ්පාදනයකි. 

එහි පෙරළිකාර අංගයක් වන මිනිත්තු 10ක් වැනි ඉතා කෙටි කාලයකින් වේලෙන ස්වභාවය නිසා MAXXCUT භාවිත කිරීමෙන් සාමාන්‍යයෙන් රථවාහන අලු‍ත්වැඩියා කටයුතුවලදී සිදුවන ප්‍රමාදය අවම කරමින්, එම කටයුතු අන් කරවදාටත් වඩා ඉක්මනින් අවසන් කිරීමට කාර්මික ශිල්පීන්ට අවස්ථාව සැලසේ.