නැෂනල් ඩිවලොප්මන්ට් බැංකුව (NDB) කොළඹ කොටස් හුවමාරුවේ සිදු කිරීමට යෝජනා කර ඇති හරිත, සමාජ සහ තිරසාර (GSS+) බැඳුම්කරය වෙත ජාතික දිගුකාලීනBBB+ ශ්‍රේ ණියක් ලබා දෙන බව ජාත්‍යන්තර ණය ශ්‍රේ ණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් සඳහන් කරයි.
මෙම නිකුතුව බාසෙල් III අනුකූල, උපප්‍රධාන, සුරක්ෂිත නොවූ, හරිත සමාජ සහ තිරසාර බැඳුම්කරයක් ලෙස නිකුත් කිරීම යෝජනා වී ඇති අතර, මේ හරහා රැස් කරගැනීමට අපේක්ෂිත මුදල රුපියල් බිලියන 16 කි. මෙම යෝජිත බැඳුම්කර වසර පහකින් සහ හතකින් කල් පිරෙන අතර, ඒවා පසුව කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කෙරෙන බවත් පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd