- පළමු කාර්තුව සඳහා වංචාවේ බලපෑම රු.බි. 2.67 ක් ලෙස ගණන් බලයි
- එම බලපෑම පළමු කාර්තුවේ රු.බි. 7.54 ක සමස්ත මෙහෙයුම් වියදම් යටතට
- 2026 පළමු කාර්තුව සඳහා බැංකුවේ බදු පසු ලාබය රුපියල් බිලියන 1.75 ක්
- නීතිමය ක්‍රියාමාර්ග මගින් වංචා කළ මුදල් ආපසු අයකර ගන්නා බවත් පවසයි
නැෂනල් ඩිවලොප්මන්ට් බෑන්ක් (NDB) 2026 වසරේ පළමු කාර්තුව (1Q) සදහා වාර්තා කළ රුපියල් බිලියන 3.47 ක බදු පෙර ලාබය සඳහා, එම බැංකුවෙහි අභ්‍යන්තර වංචාවෙන් ඇති වූ රුපියල් බිලියන 2.67 ක මූල්‍යමය බලපෑමක් සිදුව තිබෙන බව බැංකුව පවසයි.
මාර්තු 31 වැනිදායින් අවසන් වූ 2026 පළමු කාර්තුව සඳහා වන කාර්යසාධන වාර්තාව, කොළඹ කොටස් හුවමාරුව වෙත ඉදිරිපත් කරමින් එම බැංකුව මෙම කරුණු සඳහන් කරයි.
මෙහිදී බැංකුව මගින් අදාළ අභ්‍යන්තර වංචාවේ මූල්‍යමය බලපෑම පිළිබඳව අභ්‍යන්තර ඇස්තමේන්තුව පිළිබඳව මීට පෙර අනාවරණය කළ බවත්, එය රුපියල් බිලියන 13.2ක් වන බවත් පවසා සිටියි.
“මෙම මූල්‍ය බලපෑම වර්තමාන මූල්‍ය වර්ෂය අනුව සලකා බැලීමක්ද බැංකුවමගින් කර තිබෙනවා. ඒ අනුව 2025 ජනවාරි 01 වැනිදාට පෙරාතුව එහි බලපෑම රුපියල් බිලියන 0.91 ක් ලෙසත්, 2025 දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා එය රුපියල් බිලියන 9.62ක් ලෙසත්, 2026 මාර්තු 31 වැනිදායින් අවසන් වූ පළමු කාර්තුව සඳහා එය රුපියල් බිලියන 2.67ක් ලෙසත් වෙනවා’’ බැංකුව පවසයි.
ඒ අනුව 2026 පළමු කාර්තුව සඳහා වන සමස්ත මෙහෙයුම් වියදම් වන රුපියල් බිලියන 7.54 යටතේ වෙනත් වියදම් ලෙස මෙම වංචාවෙන් ඇති වූ බලපෑම වන රුපියල් බිලියන 2.67 ද ඇතුළත් වන බව බැංකුව සඳහන් කරයි.
මෙම කාර්යසාධන වාර්තාවට අනුව 2026 පළමු කාර්තුව සඳහා බැංකුව වාර්තා කර ඇති ශුද්ධ මෙහෙයුම් ආදායම රුපියල් බිලියන 11.01 ක් වන අතර, ඉන් සමස්ත මෙහෙයුම් වියදම් වන රුපියල් බිලියන 7.54 අඩු කළ විට මූල්‍ය සේවා මත වන බදු පෙර මෙහෙයුම් ලාභය රුපියල් බිලියන 3.47 කි.
ඉන් මූල්‍ය සේවා සඳහා වන බදු සහ ආදායම් බදු වියදම් අඩු කළ විට 2026 පළමු කාර්තුව සඳහා බැංකුවේ බදු පසු ලාබය රුපියල් බිලියන 1.75 ක් ලෙස සටහන්ව තිබේ.
“මෙම අභ්‍යන්තර වංචාව නිසා ඇති වූ මූල්‍යමය බලපෑම වෙනත් වියදම් ලෙස හඳනාගෙන ඇති අතර, ඒ යටතේ 2024 දෙසැම්බර් 31 වැනිදා අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා බදු ගෙවීමට පෙර ලාබයේ සිදුකළ සැකසීමට අනුව සඳහන් වූ රුපියල් බිලියන 9.03 ක මුදල රුපියල් බිලියන 8.54 ක් ලෙසත්, 2025 දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා වන බදු පෙර ලාබය රුපියල් බිලියන 11.04 ක සිට රුපියල් බිලියන 5.90ක් ලෙසත් යළිත් ප්‍රකාශයට පත් කරනවා.“ බැංකුව සඳහන් කරයි.
මේ අතර අදාළ අභ්‍යන්තර වංචාව පිළිබඳව මේ වනවිටත් මහ බැංකුව ඇතුළු නියාමන ආයතන සමගින් සමීපව කටයුතු කරන බවත්, ඒ පිළිබඳව වෝහාරික පරීක්ෂණය සිදු කරන ඉන්දියාවේ Deloitte Touche Tohmatsu India LLP (Deloitte) ආයතනය වෙත පූර්ණ සහයෝගය ලබා දෙන බවත් NDB බැංකුව පවසයි.
“මෙම වංචාව සම්බන්ධයෙන් වගකිව යුතු සියලු දෙනා වෙතම නීතිය මගින් ගත හැකි පියවර ගැනීමට බැංකුව කටයුතු කරනවා. එවැනි නීතිමය කටයුත්තක් හරහා නැවත ලබා ගැනීමට හැකිවන අරමුදල් සම්බන්ධයෙන් ඉදිරි මූල්‍ය ප්‍රකාශන හරහා සඳහන් කරනවා’’ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.
මෙම වාර්තාවට අනුව බැංකුවෙහි දළ ආදායම රුපියල් බිලියන 26.4 ක් ලෙස 2025 පළමු කාර්තුවට සාපේක්ෂව සියයට 15 කින්ද, ශුද්ධ පොලී ආදායම රුපියල් බිලියන 9.05 ක් ලෙස සියයට 14 කින්ද, ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම් රුපියල් බිලියන 2.19 ක් ලෙස සියයට 25කින්ද, සමස්ත මෛහෙයුම් ආදායම රුපියල් බිලියන 12.76ක් ලෙස සියයට 21 කින්ද, ශුද්ධ මෙහෙයුම් ආදායම රුපියල් බිලියන 11.01ක් ලෙස සියයට 31 කින්ද ඉහළ ගොස් තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd