දිවයින පුරා සිය ව්‍යාපාර සන්නාමය ව්‍යාප්ත කිරීමේ තවත් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, Moose Clothing සමාගම සිය තෙවැනි සුවිශේෂී ප්‍රදර්ශනාගාරය පසුගියදා ගාල්ල සිටි සෙන්ටර්  (Galle City Centre) හිදී විවෘත කරන ලදී. විලාසිතා ක්ෂේත්‍රය පහසුවෙන් ලබාගත හැකි සහ සැමට සමීප වූවක් බවට පත්කිරීමේ සිය දැක්ම තවදුරටත් ශක්තිමත් කරමින්, විලාසිතාවල ගුණාත්මකභාවය සහ පහසුව යන අංගවලින් පරිපූර්ණ සන්නාම අනන්‍යතාව මෙම නව වෙළෙඳසල හරහා දකුණුලක පාරිභෝගිකයන් වෙත සමීප කරවනු ලබයි.
කොළඹ සහ මහනුවර නගරවල ස්ථාපිත කළ සාර්ථක ශාඛාවලින් අනතුරුව, ගාල්ලේ විවෘත වූ මෙම නව ප්‍රදර්ශනාගාරය Moose Clothing  සමාගමේ දීපව්‍යාප්ත ගමන් මඟෙහි මීළඟ අදියර සංකේතවත් කරයි. 2018 වසරේ ආරම්භයේ සිටම, දැරිය හැකි මිලකට කල් පවතින හා මනාව නිමවූ ඇඳුම් පැළඳුම් ලබාදීම සම්බන්ධයෙන් මෙම සන්නාමය ඉහළ කීර්තිනාමයක් දිනා ගැනීමට සමත්වී ඇත. එසේම මෙම වසරේ දී එනම්, 2026 වසරේ දී “Superbrand”  ලෙස ඇගයීමට ලක්වීම හරහා එම විශ්වාසය තවදුරටත් තහවුරු විය.