

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අනුමැතියලත් වෙළෙඳ නාවික පුහුණු ආයතනයක් වන McLarens Maritime Academy (MMA) 2025 වසරේ උපාධි ප්‍රදානෝත්සවය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.
සිය පුහුණව සාර්ථකව අවසන් කරමින් ගෝලීය සමුද්‍රීය ක්ෂේත්‍රයට ඇතුළුවීමට සූදානම් වන අනාගත නාවිකයන්ගේ ජයග්‍රහණ එහිදී ඇගැයිමට ලක් විය.
ශ්‍රී ලංකා වෙළෙඳ නාවික ලේකම් කාර්යාලයේ වෙළෙඳ නාවික අධ්‍යක්ෂ ජනරාල් අසංග දේශප්‍රිය මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ මේ උත්සවයට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ හාබර් මාස්ටර් කපිතාන් නිර්මාල් සිල්වා සහ මැක්ලරන්ස් සමූහ ව්‍යාපාරයේ සමූහ කළමනාකාර අධ්‍යක්ෂිකා ශෙහාරා ද සිල්වා යන මහත්ම මහත්මීහු විශේෂ ආරාධිතයෝ ලෙස එම අවස්ථාවට එක්වූහ.
මැක්ලරන්ස් සමූහ ව්‍යාපාරයේ සමූහ අධ්‍යක්ෂවරුන් වන චන්දිම හුලංගමුව, කපිතාන් අතුල හේවාවිතාරණ, කපිතාන් කීත් ජයසූරිය, ශනිල් පෙරේරා, අද්මිරාල් ජයන්ත පෙරේරා, අශාන් වෙලගෙදර සහ රිකී බර්නට් යන මහත්වරු ඇතුළු මැක්ලරන්ස් සමූහ ව්‍යාපාරයේ සමාගම්වල ඉහළ නිලධාරීන් රැසක් ද උත්සවයට සහභාගි වූ අතර, සමුද්‍රීය ක්ෂේත්‍රයේ නැව් රැකියා නියෝජිත ආයතන සහ පුහුණුලාභීන්ගේ මවුපියන්ද ඒ අතර විය.
මෙම උත්සවයට සහභාගි වූ සම්භාවනීය අමුත්තන්, මවුපියන් සහ සිසුන් උණුසුම් අයුරින් පිළිගනිමින් McLarens Maritime Academy කළමනාකාර අධ්‍යක්ෂ චන්දිම හුලංගමුව මහතා පිළිගැනීමේ දේශනය කළ අතර, පුහුණු කාලය තුළ සිසුන්ගේ කැපවීම සහ විනය එහිදී පැසසුමට ලක් කෙරිණි.
McLarens Maritime Academy උපදේශක කපිතාන් තාරක තෙල්වත්ත මහතා ප්‍රධාන දේශනය කළ අතර, මූලාරම්භයේ සිට ආ ගමන් මඟ සහ උසස් තත්වයේ සමුද්‍රීය අධ්‍යාපනය සහ පුහුණු කිරීම වෙනුවෙන් සිය ආයතනය කරන ප්‍රයත්නය අවධාරණයට ලක් කළේය.
සුදුසුකම්ලත් නාවිකයන් සඳහා ගෝලීය ඉල්ලුම වර්ධනය වෙමින් පවතින බවත්, ශ්‍රී ලංකාවේ තරුණයන්ට ජාත්‍යන්තර නාවික කර්මාන්තය තුළ වෘත්තීමය අවස්ථා පවතින බවත් සඳහන් කළේය.
වෙළෙඳ නාවික ආධුනික අභ්‍යාසලාභී නිලධාරීන්ගේ පුහුණු වැඩසටහනේ පළමු අදියරේ (03 වැනි කණ්ඩායම සහ 04 වැනි කණ්ඩායම), Pre-Sea Training Course Deck Rating 8 වැනි කණ්ඩායම සහ Pre-Sea Training Course Engine Rating (02 වැනි 03 වැනි කණ්ඩායම්) සාර්ථකව සම්පූර්ණ කළ සිසුන්ට මෙහිදී සහතික පත් ප්‍රදානය කෙරිණි. විශිෂ්ට දක්ෂතා දැක්වූ සිසුහු Best Performance Awards යටතේ සම්මානයට පාත්‍ර වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd