භානුක අමරසිංහ
දකුණු ආසියාවේ විශාලතම ඇඟලුම් නිෂ්පාදකයා වන MAS හෝල්ඩිංග්ස් සමාගම සිය ගෝලීය ව්‍යාප්තියේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ පිහිටුවන සිය පළමු කර්මාන්තශාලාව එහි භුයින්පූර්හිදී ඉදිකිරීම් කටයුතු ආරම්භ කළ බව පවසයි.
ඒ අනුව මෙය එම සමාගම ඉන්දියාව තුළ දිගුකාලයක් පුරා සිදු කරන සිය මෙහෙයුම්හි තවත් උපායමාර්ගික මුලපිරීමක් වන අතර, මේ හරහා කලාපයේ සිය මෙහෙයුම් හැකියාව තවදුරටත් ශක්තිමත් කිරීම සමාගමේ අරමුණ වී තිබේ. එසේම වේගයෙන් වර්ධනය වන ඉන්දියාවේ සිල්ලර වෙළෙඳපොළ වෙත සාර්ථක ලෙස පිවිසීමත් මෙම කර්මාන්තශාලාවේ අපේක්ෂාවයි.
මෙම අවස්ථාව සඳහා MAS හෝල්ඩිංග්ස්හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී සුරේන් ප්‍රනාන්දු, MAS India හි ප්‍රධාන විධායක නිලධාරී මලික් අහමදීන්, MAS හෝල්ඩිංග්ස්හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ශක්ති රණතුංග, MAS ෆැබ්රික් පාර්ක්හි ප්‍රධාන විධායක නිලධාරී මුරාද් රාජුදීන් යන මහත්වරුන් ඇතුළුව ඔඩිෂා ප්‍රාන්ත රජය නියෝජනය කරමින් එහි විශේෂ ලේකම් ශ්‍රී සුභේන්ද්‍ර කුමාර් නායක් මහතාද සහභාගි වී තිබේ.
මෙම කර්මාන්තශාලාව තුළ ඇඟලුම් නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීම 2026 වසරේ සිට සිදුකිරීමට MAS හෝල්ඩිංග්ස්හි සමාගම සැලසුම් කර තිබේ. එහිදී ඉන්දියානු මෙන්ම ජාත්‍යන්තර වෙළෙඳපොළ සඳහාත් ගැළපෙන ලෙස නිෂ්පාදනය කෙරුණු අගය එකතු කළ ඇගලුම් නිෂ්පාදන කිරීම කෙරෙහි එම කර්මාන්තශාලාව අවධානය යොමු කර තිබේ.
මෙලෙස ඉන්දියාව තුළ කර්මාන්තශාලාවක් පිහිටුවීම ඉන්දියාවේ නිෂ්පාදන ක්ෂේත්‍රයේ දියුණුවට මෙන්ම MAS සමූහයේ වැඩිම සේවක පිරිසක් සිටින ශ්‍රී ලංකාවට ද එහි ප්‍රතිලාභ අත්වන බවත් සමාගම පෙන්වා දෙයි. විශේෂයෙන්ම මෙවැනි මුලපිරීම් හරහා සමාගම වෙත නව වෙළෙඳපොළ වෙත පිවිසීමට අවස්ථාව හිමි වන බවත්, කලාපය තුළ ඇති කරගන්නා හවුල්කාරීත්වයත් සමගින් ශක්තිමත් වර්ධනයක් මෙන්ම නව ව්‍යාපාරික අවස්ථා හිමි වන බවත් සඳහන් කරයි.
මේ අතර ඉදිරි වසර 10ක කාලය තුළදී MAS හෝල්ඩිංග්ස් සමාගම සිය හවුල්කරුවන්ද සමගින් එක්ව අක්කර 60ක භූමියක් යොදා ගනිමින් ඔඩිෂා ප්‍රාන්තය සම්පූර්ණයෙන්ම ඇගලුම් මධ්‍යස්ථානයක් බවට පත් කිරීමටද සැලසුම් කර ඇතැයි සඳහන් කර සිටියි.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
MAS හෝල්ඩිංග්ස් ඉන්දියාවේ නව ඇඟලුම් කර්මාන්තශාලාවක ඉදිකිරීම් අරඹයි