
මෙරට ඉදි කිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු වන Lead Mark Engineering පෞද්ගලික සමාගම London Business Excellency සංවිධානය කළ Global Business Excellency 2025 සම්මාන උළෙලේදී ඉංජිනේරු ව්‍යාපෘති නායකත්වය සඳහා වන සම්මානය දිනා ගත්තේය. එය වේගවත් වර්ධනයක් සහිත ඉදි කිරීම් සහ ඉංජිනේරු විසඳුම් සැපයුම්කරුවකු ලෙස ඔවුන් පැමිණි ගමන් මගේ සුවිශේෂ සන්ධිස්ථානයකි. සමාගමේ කළමනාකර අධ්‍යක්ෂ සහ සිවිල් ඉංජිනේරුකරණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමාධාරී කේග සීග රුවන් කුමාර මහතා වෙත සම්මානය පිරිනමන ලදී.
දකුණු පළාත පදනම් කර ගත් කුඩා පරිමාණ ඉදි කිරීම් සමාගමක් ලෙස Lead Mark Engineering ආරම්භ වූයේ ජවයෙන්ල දැනුමෙන් සහ අත්දැකීම්වලින් පිරි තරුණ වෘත්තිකයන් පිරිසකගේ ව්‍යායාමයක ප්‍රතිපලයක් වශයෙනි. එතැන් පටන් රට පුරා ව්‍යාප්ත වී ඇති එම සමාගම නිවාස වාණිජ ගොඩනැගිලිල මහා පරිමාණ යටිතල පහසුකම් සහ ආයෝජන මණ්ඩලයේ අනුමැතිය සහිත ඉදි කිරීම් ඇතුළු ව්‍යාපෘති රැසකට ඉදි කිරීම් හා ඒ ආශ්‍රිත සේවා සපයා තිබේ. එම සමාගම වානේ පදනම් කර ගත් ඉදි කිරීම් මහල් නිවාස හා වෙළෙඳ සංකීර්ණ ඉදි කිරීම් ප්‍රතිසංස්කරණ කටයුතුල අභ්‍යන්තර මාර්ග ඉදි කිරීම් යාන්ත්‍රිකල විදුලි සහ ජල නළ සේවා වැනි පුළුල් පරාසයක විහිදී ඇති සේවා සපයයි. නිර්මාණාත්මකභාවය සහ ඉංජිනේරු විශිෂ්ටත්වය ඒකාබද්ධ කරන ඔවුන් ගොඩනැගිලි සැලසුම්කරණ සේවාද සපයයි. ආරම්භයේ සිට අවසානය දක්වා ගුණාත්මක අයුරින් ව්‍යාපෘති කළමනාකරණය කිරීම සහ එකඟ වූ කාල සීමාව හා පිරිවැය තුළ ව්‍යාපෘති අවසන් කිරීම හේතුවෙන් ඔවුන් ඉහළ පාරිභෝගික විශ්වාසයක් දිනා තිබේ. Lead Mark Engineering ආයෝජන මණ්ඩල ව්‍යාපෘතිවලට අදාළ විශේෂඥතාව සහිත ඉංජිනේරු සහ තාක්ෂණික කණ්ඩායම්වලින් සමන්විත වේ. ඔවුන් සෑම විටම ගුණාත්මකභාවය සහ ආරක්ෂක ප්‍රමිති ඉහළින් සලකයි. ඉදි කිරීම් කර්මාන්තයට අදාළ ප්‍රමිති සහතික රැසක් ඔවුන් දිනා තිබේ. ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය (CIDA) පිරිනමන ක3 ශ්‍රේණිගත කිරීම ඒ අතරින් ප්‍රධාන වේ.
2025 දෙසැම්බර් මස 04
389
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
441
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
407
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
Lead Mark Engineering සමාගමට Global Business Excellency සම්මානය