Lanka business tv අතිශයින් ජනාදරයට පත් ”‍වයවසායකයා”‍ ව්‍යාපාරික සහ ආයෝජන සමුළුව ව්‍යවසායකයන් ඇතුළු ආර්ථික දැනුම ලබාගැනීමට උනන්දුවන 250 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් අති උත්කර්ශවත් අන්දමින් ගාල්ල Raddison Blu හෝටලයේදී පසුගියදා පැවැත්වුණි. 

මෙරට ජනතාවට ආර්ථික දැනුම ලබාදීමේ අරමුණෙන් ආරම්භ කළ Lanka business tv මාධ්‍ය ආයතනය මෙවැනි සමුළු හතක් මේ වනවිට දිවයිනේ විවිධ දිස්ත්‍රික්කවල පවත්වා තිබෙන බවත්, ඒ සඳහා ඉතාමත් උනන්දුවකින් ජනතාව සහභාගීවීමෙන් මෙයට තිබෙන උනන්දුව කැපී පෙනෙන බවත් Lanka business tv සමාරම්භක සහ ප්‍රධාන විධායක නිලධාරී ජයන්ත කෝවිලගොඩගේ මහතා ප්‍රකාශ කළේය. 

මෙම සමුළුවේ ප්‍රධාන දේශනය කළේ CEO උපදේශක සහ පුහුණුකරු ආචාර්ය රනිල් සුගතදාස මහතායි. එසේම, අරලිය සමූහ ව්‍යාපාරයේ සභාපති ඩඩ්ලි සිරිසේන මහතා මෙහි ආරාධිත දේශනය සිදුකළේය. 

මීට අමතරව, NDB වෙල්ත් මැනේජ්මන්ට් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී, රුවන් පෙරේරා, ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශක සහ මනෝ චිකිත්සක වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන, ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, එන්.ඒ. අරුණ විජේසිරි යන මහත්වරු වැදගත් දේශන සිදුකළහ. මෙම සමුළුවට සහභාගී වූවන්ට වටිනා ත්‍යාග දිනාගැනීමට අවස්ථාව හිමිවූ අතර එක් අයකුට බැංකොක් නුවරට ගොස් පැමිණීමට ගුවන් ටිකට් පතක් දිනාගැනීමේ අවස්ථාවද හිමිවුණි 

Lanka business tv 2026 වසර සඳහා මෙවැනි සමුළු කිහිපයක් පැවැත්වීමට මේ වනවිටත් කටයුතු සංවිධානය කරමින් සිටී.