ශ්‍රී ලංකාවේ පුළුල් ලෙස ව්‍යාප්ත, විශ්වාසදායක සහ ප්‍රමුඛතම සාමාන්‍ය රක්ෂණ සැපයුම්කරුවකු වන LOLC සාමාන්‍ය රක්ෂණ සමාගම, ශ්‍රී ලංකා වරලත් වෘත්තීය කළමනාකරුවන්ගේ ආයතනය (CPM ශ්‍රී ලංකා) විසින් සංවිධානය කරන ලද 2026 හොඳම කළමනාකරණ පිළිවෙත් සමාගම් සම්මාන උළෙලේදී (BMPC) ඇගයීමට පාත්‍ර විය.
එහිදී LOLC සාමාන්‍ය රක්ෂණ සමාගම, සාමාන්‍ය රක්ෂණ (පෞද්ගලික අංශය) කාණ්ඩයේ අනුශූරතාව දිනාගත් අතර, ශ්‍රී ලංකාවේ හොඳම කැපී පෙනෙන සමාගම් 40 අතරට ශ්‍රේණිගත වෙමින්, සමාගමේ ශක්තිමත් උපායමාර්ගික කාර්ය සාධනය, මෙහෙයුම් විශිෂ්ටත්වය සහ නායකත්ව හැකියාවෙහි විශිෂ්ටත්වය පෙන්නුම් කරන ලදී.
BMPC සම්මාන උළෙල මගින් නායකත්වය, උපායමාර්ග, මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම සහ පිරිස් කළමනාකරණය යන ක්ෂේත්‍රවල විශිෂ්ටත්වය දක්වනු ලැබූ සමාගම් අගයන අතර, වර්ධනය, සාර්ථකත්වය සහ හොඳම කළමනාකරණ ශෛලීන් සතු කැපී පෙනෙන රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සමාගම් සඳහාද සම්මාන ලබාදීම සිදු කරයි. 
මෙම සම්මාන පිරිනැමීම සඳහා CPM ආයතනය විසින් හවුල්කාරිත්ව සහ සම්පත් පරිහරණය, ක්‍රියාවලි සහ කාර්ය සාධන ප්‍රතිඵල වැනි ක්ෂේත්‍ර ඇගයීමට ලක් කරන අතර, කළමනාකරණ පිළිවෙත් ක්‍රියාත්මක කිරීමට සහ වැඩිදියුණු කිරීමට අදාළ සමාගම් සඳහා ව්‍යුහගත රාමුවක් සපයයි. තවද, මේ හරහා ජයග්‍රාහකයන්ට දේශීය සහ ජාත්‍යන්තර පිළිගැනීමක් ද හිමි වේ.
BMPC සම්මාන 2026 සම්මාන උළෙලේදී ලැබුණු මෙම ඇගයීම අපගේ කළමනාකරණ රාමුවේ ශක්තිය, ආයතනික පාලන ප්‍රමිති සහ අපගේ ව්‍යාපාරයේ සෑම අංශයකින්ම මෙහෙයුම් සහ උපායමාර්ගික විශිෂ්ටත්වය ලබා දීම සඳහා අපගේ කණ්ඩායම්වල කැපවීම පිළිබිඹු කරයි. ශ්‍රී ලංකාව තුළ රක්ෂණයේ හොඳම තේරීම වීමේ අපගේ දැක්ම කරා අප ඉදිරියට යන විට අඛණ්ඩ වැඩිදියුණු කිරීම, නවෝත්පාදනය සහ අපගේ ගනුදෙනුකරුවන් සඳහා කල් පවතින වටිනාකමක් නිර්මාණය කිරීම සඳහා අපගේ කැපවීම ද අවධාරණය කරයි,”‍ යනුවෙන් LOLC සාමාන්‍ය රක්ෂණ සමාගම් හි සභාපති කිත්සිරි ගුණවර්ධන මහතා පැවසීය.
LOLC සාමාන්‍ය රක්ෂණ සමාගම් හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී උදය කුමාර මහතා පවසා සිටියේ, “විශිෂ්ටත්වය යනු අපගේ සංස්කෘතියේ හදවතයි. මෙම සම්මානය අපගේ විකුණුම්, මෙහෙයුම් සහ පාරිභෝගික සේවා කණ්ඩායම් සතු කැපවීමට ලද සුවිශේෂී ඇගයීමක් වන අතර ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සාමාන්‍ය රක්ෂණ සැපයුම්කරුවකු ලෙස, අපගේ ව්‍යාපාරය අඛණ්ඩව වර්ධනය කරන අතරතුර අපගේ මෙහෙයුම් සහ නායකත්ව කාර්ය සාධනය සඳහා පිළිගැනීමක් ලැබීම තෘප්තිමත් කරුණක් බවයි.” “අපගේ ගනුදෙනුකරුවන්ට උසස් සේවා අත්දැකීම් ලබා දීම සඳහා ඩිජිටල් පරිවර්තනය වැළඳ ගැනීම සහ ක්‍රියාවලි ශක්තිමත් කිරීම සඳහා අපි කැපවී සිටිමු” යනුවෙන් තවදුරටත් පැවසීය.
රක්ෂණ ක්ෂේත්‍රයේ වසර 15කට අධික අත්දැකීම් සමගින්, LOLC සාමාන්‍ය රක්ෂණ සමාගම පුද්ගලයන්ට සහ ව්‍යාපාරවලට අසමසම අවදානම් කළමනාකරණ විසඳුම් පිරිනමයි. ශක්තිමත් ප්‍රතිරක්ෂණ හවුල්කාරිත්ව සහ පාරිභෝගික කේන්ද්‍රීය සේවා පිළිවෙත් මගින් සමන්විතව, ශ්‍රී ලංකාව තුළ රක්ෂණයේ හොඳම තේරීම වීමේ සිය දැක්මට අනුකූලව නවෝත්පාදන, ගුණාත්මක සේවා සැපයීම සහ යහපත් පාලනයකින් සමාගම තවදුරටත් කටයුතු කරයි.