ලංකාවේ ප්‍රමුඛතම ටයිල් නිෂ්පාදකයා වන  LANKATILES විසින් සිය නවතම ප්‍රදර්ශනාගාරය ගාල්ල, මාතර පාර, පෙට්ටිගල වත්ත, අංක 145 යන ලිපිනයේ දී අභිමානයෙන් යුතුව පසුගියදා විවෘත කරන ලදී. මෙය ලංකාවේ විවෘත කළ 58 වැනි  LANKATILES ප්‍රදර්ශනාගාරය වන අතර, ගාල්ලේ විවෘත වූ දෙවැනි ප්‍රදර්ශනාගාරයයි. මේ සමග විශිෂ්ටත්වය, නවෝත්පාදනය සහ විශ්වසනීය බව රැක ගෙන ඉදිරියට යන අඛණ්ඩ ගමනක තවත් එක් සංධිස්ථානයක් සනිටුහන් කිරීමට  LANKATILES සමත් වී තිබේ.

UNESCO සංවිධානය විසින් පිළිගත් ඓතිහාසික වටිනාකම් සහ දේශීය සංස්කෘතික උරුමයන්ගෙන් පිරී ඇති ගාලු‍ පුරවරෙන් හඳුනා ගත් දේශීය ගෘහ නිර්මාණ ශිල්පයේ වටිනාකම් ද සමග ජීවත් වීමට සිහින මවනා නිවසක අභ්‍යන්තරය හැඩ කිරීම වෙනුවෙන් මෙම නව ප්‍රදර්ශනාගාරය පිහිටුවා තිබේ.

ප්‍රදර්ශනාගාරය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වූ  LANKATILES හි කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රියන්ත තල්වත්ත මහතා මෙසේ සඳහන් කළේය. “ශතවර්ෂ ගණනාවක ඉතිහාසය, කලාව සහ මානව දක්ෂතාවලින් හැඩ වූ ගාල්ල සතු අද්විතීය හැඩය LANKATILES නිෂ්පාදන සතු නිර්මාණාත්මක අඛණ්ඩතාව සහ සෞන්දර්යාත්මක ගැඹුර සමග අනුනාද වෙනවා.

ඒ වගේම අපේ නිර්මාණශීලී සහ විශ්වසනීය නිෂ්පාදන දකුණේ වෙළෙඳපොළවලට රැගෙන ඒමට ලැබීම ගැන අපි සතුටු වෙනවා. මෙය මෙම කලාපයේ නිවාසවල මෙන්ම, වර්ධනය වෙමින් පවතින සංචාරක කර්මාන්තයටත් සහයෝගය ලබා දේවි.”

දශක පහකට අධික විශ්වාසයක් සහ විශිෂ්ටත්වයක් මත ගොඩනැගුණු LANKATILES සෑම විටම අලංකාරත්වය සහ කාර්ය සාධනය සමග ඕනෑම හිස් අවකාශයක් නිර්මාණශීලීව අලංකාර කරමින් ටයිල් නිර්මාණයේ සිය සුවිශේෂීත්වය විදහා දැක්වීමට සමත් වී තිබේ. නවීන ජීවන අවකාශ, සුඛෝපභෝගී සංචාරක ව්‍යාපෘති, බුටික් හෝටල් (කුඩා ප්‍රමාණයේ හෝටල්) වෙනුවෙන් ගුණාත්මක සහ ඇස පිනවන ප්‍රතිසංස්කරණ සඳහා වඩාත් සුදුසු Majestica  සහ Mosaics ඇතුළු ටයිල් නිෂ්පාදන රැසක් මෙම නව ප්‍රදර්ශනාගාරයේ දී දක්නට ලැබෙනු ඇති.

එමෙන්ම ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය අඛණ්ඩව වර්ධනය වන බැවින්, LANKATILES දීර්ඝ කාලීනව ව්‍යාප්ත කිරීමේ උපාය මාර්ගයක් ලෙස ගාල්ල වැනි ගමනාන්තයක් තෝරා ගැනීම ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. “මෙම ප්‍රදර්ශනාගාරය තවත් එක් සිල්ලර විකුණුම් ස්ථානයකට වඩා එහා ගිය තැනක්. මෙය මනුෂ්‍ය පරිකල්පනය සහ ශිල්පීයත්වය එකිනෙක මුණ ගැසෙන ගමනාන්තයක්. දකුණු කලාපය පුරා සිටින නිවාස හිමියන්, හෝටල් කේෂ්ත්‍රයේ ව්‍යාපාරිකයන් මෙන්ම වෘත්තිකයන්ට සහාය ලබා දීමට හැකි වීම ගැන අපි සතුටු වෙනවා.” මෙම නව ප්‍රදර්ශනාගාරය විවෘත කිරීමට එක් වූ යසිත් රනු කරුණාසේකර මහතා විසින් එසේ සිය අදහස් පළ කරන ලදී.