
Keells, සිය නවතම Nexus ලෝයල්ටි යෙදුම ^loyalty app& පාරිභෝගිකයන් වෙත හඳුන්වා දීමට අද (13) කටයුතු කරනු ලැබීය. වසර 25 ක කාලයක් පුරා මෙරට පාරිභෝගික විශ්වාසය දිනා ගෙන සිටින Keells Nexus සිය පාරිභෝගිකයන් සමග පුරෝගාමී සබඳතාවක් පවත්වාගෙන යාමට සමත්ව ඇත. 2014 ආරම්භක වකවානුවේදී ඔවුන් විසින් ජංගම දුරකතන පදනම් කරගත් ලෝයල්ටි වැඩසටහන හඳුන්වා දීමට කටයුතු කරනු ලැබීය. නවීන තාක්ෂණය, පාරිභෝගිකයාට වඩාත් ගැළපෙන ප්‍රතිලාභ සහ සියලු Keells සුපිරි වෙළෙඳසල් ජංගම දුරකතන යෙදුම් වෙත ඒකාබද්ධ කිරීම සමගින් මෙම ලෝයල්ටි වැඩසටහන දිනෙන් දින ඉදිරියට යමින් විශිෂ්ටත්වයට පත්ව ඇත.
අද වනවිට ලියාපදිංචි සාමාජිකයන් මිලියන 2කට අධික සංඛ්‍යාවකගෙන් සැදුම් ලත් Keells Nexus, Keells කෙරෙහි පාරිභෝගිකයා තබා ඇති විශ්වාසය සහ මෙරට ජනතාවගේ ජීවන තත්වය ඉහළ නැංවීමට සන්නාමයේ කැපවීම මනාව පිළිබිඹු කරයි. ක්‍රියාකාරී තාක්ෂණයෙන් යුත් කාර්යක්ෂම පාරිභෝගික වෙළෙඳාමක් පවත්වාගෙන යාම වෙනුවෙන් වන Keellsහි දැක්ම තවදුරටත් ශක්තිමත් කිරීමට Keells Nexus කටයුතු කර ඇත්තේ ස්වයං පරීක්ෂා කිරීමේ කවුන්ටර සහ ඉහළ මට්ටමේ ඉන්වෙන්ටරි කළමනාකරණ ක්‍රමය වැනි කාර්යක්ෂමතාවෙන් යුත් නවතම වෙළෙඳ තාක්ෂණ අත්දැකීම් පාරිභෝගිකයා වෙත ලබා දෙමිනි.
ඒ අනුව Keells Nexus වෙතින් හඳුන්වා දෙනු ලැබූ නවතම යෙදුම සුවිසල් ඉදිරි පියවරක් වනු නිසැකය. සුවිශේෂී හා විධිමත් තිරයක් තුළ ප්‍රතිලාභ, දීමනා සහ ගිණුම් දැක බලා ගැනීමේ හැකියාව පාරිභෝගිකයන් වෙත ලබා දීම මෙහි ඇති විශේෂත්වයයි. සියලු ගනුදෙනු, ඉතිරි කිරීම් සහ හවුල්කාර දීමනා එක තැනකට ගෙන එන නව Keells Nexus app තුළින් තමන්ට අවශ්‍ය ගනුදෙනු පිළිබඳ සියලු දේ දැක ගැනීමේ හා පාලන කිරීමේ අවස්ථාව පාරිභෝගිකයන්ට උදා වනු ඇත. එසේම එම කාඩ්පත් හිමියන්ට තමන් ලබා ඇති ලකුණු ප්‍රමාණයන් ඒ මොහොතේම නිරීක්ෂණය කිරීම හා පිටවීමේදී QR කේතයක් ස්කෑන් කර ක්ෂණික ප්‍රතිලාභ උපයා ගැනීම සමගින් වඩාත් සුවපහසු හා වාසිදායක සාප්පු සවාරි අත්දැකීමක් භුක්ති විඳීමටද අවස්ථාව උදා වේ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජෝන් කීල්ස් සමූහයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිනි හා Keells සුපිරි වෙළෙඳසැල් හි අලෙවිකරණ ප්‍රධානී නිලූෂා ප්‍රනාන්දු මහත්මිය මෙසේ සඳහන් කර සිටියාය. Nexus හි ‘අපි’ ලෙස අදහස් වන්නේ අපගේ සේවය ලබා දෙන පවුල්, අප සමග එක්ව සිටින ප්‍රජාව සහ එදිනෙදා අප අත්විඳින සුවිශේෂී අවස්ථාවනුයි. පාරිභෝගිකයන්ට වැඩිපුර මුදලක් ඉතිරි කර ගැනීමට, සුවිශේෂී ත්‍යාග හිමිකර ගැනීමට මෙන්ම අපගේ විශ්වසනීය ප්‍රජාවක කොටසක් ලෙස සිතීමට අවස්ථාව ලබා දීමෙන් මෙම යෙදුම අපගේ අරමුණ යථාර්ථයක් බවට පත් කර තිබෙනවා.”
Keells, අනාගතයට ගැළපෙන මෙම සුවිසල් අවස්ථාව නිර්මාණය කිරීමේදී ගෝලීය වෙළෙඳනාම වෙනුවෙන් වඩා කාර්යක්ෂම යෙදුම් නිර්මාණය කිරීම සඳහා ජංගම තාක්ෂණ විසඳුම් හි එක්සත් රාජධානිය පදනම් කරගත් ප්‍රමුඛයකු වන Apadmi සමග අත්වැල් බැඳගෙන ඇත. එසේම Salesforce සහ Cyntexa සමඟින් ඇති කරගනු ලැබූ උපයා මාර්ගික හවුල්කාරීත්වයද මෙහි සාර්ථකත්වයට විශාල ශක්තියක් විය.
මෙහිදී අදහස් දැක්වූ ජෝන් කීල්ස් සමූහයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ පාරිභෝගික අංශයේ තොරතුරු තාක්ෂණ ප්‍රධානී ඔසඳ වර්ණකුලසූරිය මහතා මෙසේ පැවසීය. “Apadmi සමග එක්ව කටයුතු කිරීමෙන් සුවිශේෂී ඉගෙනුම් අත්දැකීමක් ලබාගැනීමට අපට හැකි වුණා. නිෂ්පාදන සංවර්ධනය පමණක් නොව කෙටි කාලීන සැලසුම්, පාරිභෝගික අත්දැකීම් සහ ඩිජිටල් නිර්මාණශීලීත්වය පිළිබඳ හොඳම භාවිතයන් පිළිබඳ වටිනා අවබෝධයක් ලබා ගනිමින් සැබෑ ජංගම විශේෂඥයන් සමග අපි ඉතා සහයෝගයෙන් කටයුතු කළා. ඔවුන්ගේ විශේෂඥ දැන්ම අපට ප්‍රමාණය, සරල බව සහ අනාගත නව්‍යකරණය සඳහා වන විශ්වාසවන්ත අවකාශයක් ගොඩනැගීමට උපකාරී වුණා.”
මෙම සුවිශේෂී ව්‍යාපෘතිය හා හවුල්කාරීත්වය පිළිබඳ Apadmi ආයතනයේ ප්‍රධාන වර්ධන නිලධාරී මාක් කොලින් Mark Collin මහතා සඳහන් කළේ මෙසේයි.
“මෙම සංධිස්ථානීය පරිවර්තනය වෙනුවෙන් අභිමානවත් උරුමයකට හිමිකම් කියන Keells සමග එක්ව කටයුතු කිරීමට ලැබීම පිළිබඳ ඉතාමත් සතුටුයි. Nexus Rewards තුළින් වඩාත් දියුණු හෙට දවසක් පාරිභෝගිකයන් වෙත උදා කර දීමට සමත් වන අතර අපගේ අරමුණ වූයේ වටිනා ත්‍යාගයක් මෙන්ම ආකර්ෂණීය අත්දැකීමක් ඔවුන් වෙත ලබා දෙමින් කීල්ස් සමග වන සබඳතාව තව දුරටත් ශක්තිමත් කරන යෙදුමක් නිර්මාණය කිරීමයි. ජාත්‍යන්තර රටවල් සමග එක් වෙමින් මේ ආකාරයේ වැඩ කටයුතු සිදු කිරීමට ලැබීම පිළිබඳ ඉතා සතුටුයි. මේ තුළින් Keells සහ එහි පාරිභෝගිකයන් අතර වන සම්බන්ධතාව තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට යන ආකාරය දැකගැනීමට අපි සතුටින් බලා සිටිනවා.”

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd