
- 1947 වසරේදී ආරම්භ වූ මෙම සංචාරක ගමන යටතේ ගමනාන්ත 7ක් ආවරණය කරයි
- ගමනේ වැඩිම රාත්‍රී ගණන ලෙස සංචාරකයන් දින 03ක් මෙරට ගත කිරීමට නියමිතයි
ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් නුවරින් ආරම්භ වී, බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර දක්වා සිදු කරන දින 14ක ඓතිහාසික Kangaroo Route සංචාරක වැඩසටහන යටතේ පියාසර කරන ඔස්ට්‍රේලියාවේ ක්වන්ටස් ගුවන් සේවයට අයත් එයාර්බස් A 330-300 ගුවන් යානය සංචාරකයන් 142 ක් සමගින් ඊයේ (08) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.
මෙම ගුවන් යානය ඉන්දියාවේ කල්කටා නුවර සිට මෙලෙස කොළඹ වෙත පැමිණීම සිදු වූ බව පැවසෙයි. ඊට පෙර එම යානය සිංගප්පූරුවේ ගොඩබැස්සවීම සිදුවිය. 1947 වසරේදී පළමුවරට ආරම්භ වුණු මෙම Kangaroo Route සංචාරක වැඩසටහන මගින් ආවරණය වුණු ගමනාන්ත හතක් මෙවරද ආවරණය අදහස වී තිබේ. ඒ අනුව කොළඹින් පිටත්වන යානය ඊජිප්තුවේ කයිරෝ, ප්‍රංශයේ ටොයුලොයුස් සහ ඉතාලියේ රෝම නගරය වෙත ගොස් ඉන් අනතුරුව ලන්ඩනය වෙත පියාසර කරයි.
මෙහිදී Kangaroo Route හා පැමිණෙන සංචාරකයන් වැඩිම රාත්‍රී ගණනක් ගතකරන ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව නම් කෙරී තිබේ. එය රාත්‍රී 03 කි. මෙලෙස පැමිණෙන සංචාරකයන් සඳහා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොෙළ් සේද මාවත පහසුකම් ලබාදී තිබෙන බවත්, ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා සමාගම සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd