
K&D සමූහ ව්‍යාපාරයේ 20 වන සංවත්සරය සහ වාර්ෂික වර්ණ ප්‍රදානෝත්සවය පසුගියදා වැලිසර Wave N' Lake හිදී ඉතා උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී.
K&D Management Services (Pvt) Ltd විජයග්‍රාහී ගමන්මඟක තෙවන දශයකට පා තබන දින එදාමෙදා තුර ගමන් මගේ විශ්වාසනීය සහකරුවන් හා සාක්ෂිකරුවන් වන බැංකු සහ මූල්‍ය ආයතන අබිමුව මතකාවර්ජනය කරන ලදී. ණය අයකර ගැනීමේ ක්‍රියාවලිය තුළ මූල්‍ය ආයතන සහ ගනුදෙනුකරුවන් අතර වෙන් වී ගිය සබඳතා යථාවත් කරමින් කරන ලද සුහදශීලී ප්‍රශස්ත ක්‍රියාන්විතය හේතුවෙන් මේ වන විට ප්‍රධාන පෙළේ බැංකු 13ක් සහ මූල්‍ය ආයතන 06ක් K&D විශ්වාසනීය සේවාවේ ප්‍රතිලාභීන් බවට පත්ව තිබීම ජයග්‍රහණයකි.
K&D Group දශක දෙකක් තුළ විවිධාංගීකරණය වෙමින් K&D Holdings (Pvt) Ltd K&D Foods international (Pvt) Ltd, K&D investment & reality (Pvt) Ltd සහ Untied professional Agencies (Pvt) Ltd යන ආයතන වලින් සන්නද්ධ පොහොසත් ආයතනයකි.
K&D Group හි 165ක් වූ සමස්ත කාර්ය මණ්ඩලයට එදින වර්ණවත් දිනයක් විය. 2024 - 2025 වසරේ විශිෂ්ටයන් අතර ඇති විශිෂ්ටයන් ඇගයීමට ලක් කරන ලදී.
එදින එක් වරක් පමණක් ලැබිය හැකි MD සම්මානය දිනාගනු ලැබුවේ AGM Recovery රවීන්ද්‍ර සංජීව මහතා විසිනි. මෙම K&D වර්ණ ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූයේ Lanka Tiles හි කළමනාකරන අධ්‍යක්ෂ ප්‍රියන්ත තල්වත්ත මහතාය.
K&D සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ආයතනයේ හිමිකරු වන ආචාර්ය ගාමිණි සිල්වා මහතා මෙන්ම අනෙකුත් කළමනාකාර ප්‍රධානීහු ඡායාරූපයේ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd