JXGහි අනුබද්ධ සමාගමක් වන Janashakthi Life හි වාර්ෂික විකුණුම් සම්මාන උළෙලේ 2026 අදියර පසුගියදා Cinnamon Life, City of Dreams හිදී පැවැත්විණි. එහිදී දිවයින පුරා විසිරී සිටින Janashakthi Life විකුණුම් බලකායේ විශිෂ්ටයන් රැසකගේ දක්ෂතා ඇගයීමට ලක් විය.
කාර්ය මණ්ඩලයේ විශිෂ්ටත්වය හා කැපවීම මෙන්ම Janashakthi Life සමාගමේ දියුණුවට ඔවුන් දක්වන දායකත්වය අගයමින් මෙහිදී සම්මාන පිරිනමන ලදි. මෙම අවස්ථාවට සමාගමේ උපදේශකවරුන්, ඒකක කළමනාකාරවරුන්, සම්බන්ධතා සහාය සේවා නිලධාරීන්, කණ්ඩායම් නායකයන්, ප්‍රාදේශීය කළමනාකාරවරුන් සහ කලාපීය කළමනාකාරවරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ. ව්‍යාපාර කටයුතු සඳහා දක්වන ලද විශිෂ්ට දායකත්වය මෙන්ම ගනුදෙනුකරුවන්ට විශිෂ්ටතම සේවාවක් ලබාදීම සඳහා ඔවුන් පෙන්නුම් කළ උනන්දුව හා කැපවීම කෙරෙහි මෙහිදී විශේෂයෙන් අවධානය යොමු විය.
මෙහිදී රැස්ව සිටි පිරිස අමතා අදහස් දැක්වූ Janashakthi Insurance PLC සමාගමේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී රවී ලියනගේ මහතා සම්මානලාභීන් ඇතුළුව විකුණුම් බලකායේ සියලුම දෙනාගේ දායකත්වය අගය කළ අතර, සමාගමේ කාර්ය සාධනය සහ පාරිභෝගික සම්බන්ධතා ශක්තිමත් කිරීම සඳහා ඔවුන් ඉටු කරන තීරණාත්මක කාර්ය භාරය ප්‍රශංසනීය බව පැවසීය. ඔවුන්ගේ කැපවීම, අභියෝගවලට ඔරොත්තු දීමේ හැකියාව සහ විශිෂ්ටත්වය හඹා යාමේදී පෙන්නුම් කරන අධිෂ්ඨානය සමාගමට පමණක් නොව සමස්ත රක්ෂණ කර්මාන්තයටම ආදර්ශයක් වී ඇති බවද ඔහු සඳහන් කළේය.
ජනශක්ති රක්ෂණ සමාගමේ සභාපතිනි අනිකා සේනානායක මහත්මියද මෙහිදී ජයග්‍රාහකයන්ට සුබපැතුම් පිරිනැමූ අතර, සමාගමේ සියලුම අංශවල විශිෂ්ටයන්ගේ දක්ෂතා මෙලෙස ඇගයීමට ලක්කරන අතරම ඔවුන්ට දියුණුව කරා යාමට නිරන්තරයෙන් අවස්ථා හිමි වන ආයතනික සංස්කෘතියක් පවත්වාගෙන යාමේ වැදගත්කම අවධාරණය කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd