- මෙම මිලදී ගැනීම සිදුකළ JP Morgan Chase & Co.. සමාගම වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය අනුව ලොව විශාලතම බැංකුව ලෙසද සැලකෙයි
ඇමෙරිකාවේ JP Morgan Chase & Co ක්‍ද. සමාගම ශ්‍රී ලාංකික තරුණ ව්‍යවසායකයන් දෙදෙනකු එක්ව පිහිට වූ ෆින්ටෙක් සමාගමක් වන WealthOS ගැනීමට පසුගියදා කටයුතු කළ බව වාර්තා වෙයි. WealthOS සමාගම අද වනවිට මෙරට තුළ මෙන්ම එක්සත් රාජධානිය තුළද ක්‍රියාත්මක වෙයි. මෙම මිලදී ගැනීම සිදුකළ JP Morgan Chase & Co.. සමාගම වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය අනුව ලොව විශාලතම බැංකුව ලෙසද සැලකෙයි.
මෙහිදී එම ගනුදෙනුවේ වටිනාකම මෙතෙක් අනාවරණය වී නැත. කෙසේ වෙතත් මෙම වටිනාකම එතෙක් මෙතෙක් ශ්‍රී ලාංකික ආරම්භ සමාගමක් වෙත හිමි වූ වැඩිම වටිනාකම ලෙස සැලකිය හැකි බව මේ පිළිබඳව කරුණු දක්වන පාර්ශ්ව පවසා සිටියි.
මීට පෙර වැඩිම වටිනාකමක් හිමි වූ ශ්‍රී ලාංකික ආරම්භක සමාගම වූයේ MillenniumIT සමාගමයි. 2009 දී London Stock Exchange සමූහය මගින් එක්සත් ජනපද ඩොලර් මිලියන 30කට එම සමාගම මිලදී ගැනීම සිදු කර තිබේ. එසේම WSO2 සහ PickMe යන සමාගම් වෙතද ඉහළ වටිනාකම් හිමි විය.
2019 වසරේදී ඇන්ටන් පද්මසිරි සහ චමත් අරඹේවෙල යන දෙපළ එක්ව ආරම්භ කළ WealthOS සමාගම යටතේ අද වනවිට ශ්‍රී ලංකාව තුළ සේවකයන් 50 දෙනකු පමණද, එක්සත් රාජධානිය තුළ 4 දෙනකු පමණද සිටින බව පැවසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd