
JAT Holdings PLC ආයතනය මගින් ශ්‍රී ලංකාවේ දැව පින්තාරු ශිල්පීන් සවිබල ගැන්වීමේ දිගුකාලීන අරමුණින් ක්‍රියාත්මක වන ‘JAT පින්තාරු අභිමන්‘ වැඩසටහනේ තෙවැනි අදියරෙහි අටවැනි හෙවත් අවසාන වැඩමුළුව කොළඹ දී සාර්ථකව නිමාවට පත් කළේ ය. මෙය දැව පින්තාරු ක්ෂේත්‍රයේ වෘත්තීයභාවය සහ සවිබලගැන්වීම ඉහළ නැංවීම සඳහා JAT ආයතනයෙහි කැපවීම පිළිබිඹු කරයි.
දැව පින්තාරු ශිල්පීන් වෙනුවෙන්ම JAT Holdings ආයතනය පවත්වන මෙම වැඩසටහනට මෙම වසරේදී, මාතර, කෑගල්ල, දඹුල්ල, බදුල්ල, පුත්තලම, අම්පාර, යාපනය සහ කොළඹ යන ප්‍රධාන ප්‍රදේශ අටක දැව පින්තාරු ශිල්පීහු 3,400කට අධික සංඛ්‍යාවක් ලියාපදිංචි වී සිටියහ.
ඊට අමතරව මෙහි දී දැව පින්තාරු ශිල්පීන්ගේ විශිෂ්ට ශිල්පීය හැකියාව සහ තාක්ෂණික ක්‍රම අඛණ්ඩව වැඩිදියුණු කිරීමට දිරිමත් කරන Best Wood Finisher තරගය ද නැවත වරක් මෙම වැඩසටහනට ඇතුළත් විය. JAT පින්තාරු අභිමන් වැඩසටහන, දැව පින්තාරු ශිල්පීන්ගේ හැකියාව ශක්තිමත් කිරීමට, ක්ෂේත්‍රයට අදාළ දැනුම වැඩිදියුණු කිරීමට සහ ඔවුන්ගේ ශිල්පීය හැකියාව මෙන්ම වෘත්තීන් ඉහළ තලයකට ගෙන ඒමට නව මංපෙත් විවර කරනු ලබයි.
මෙම වැඩමුළුවලින් ලබා දෙන තාක්ෂණික වටිනාකම පිළිබඳව අදහස් දක්වමින්, JAT Holdings PLC හි අධ්‍යක්ෂ - විකුණුම් හා තාක්ෂණික (දකුණු ආසියාව) වසන්ත ගුණරත්න මහතා මෙසේ පැවසීය.
“‘‘අද වන විට වැඩමුළු 24ක් සම්පූර්ණ කර ඇති JAT පින්තාරු අභිමන්, ශ්‍රී ලංකාවේ වඩාත් ක්‍රමවත් හා ඉහළ තාක්ෂණික දැනුම ඇතුළත් දැව පින්තාරු ශිල්පී සංවර්ධන වැඩසටහන්වලින් එකක් බවට පත්ව ඇත. එක් එක් අදියර සැලසුම් කර ඇත්තේ තාක්ෂණික ප්‍රවීණත්වය සහ නව ආලේපන තාක්ෂණයට අනුවර්තනය වීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා ය. අපගේ මූලික අරමුණ වන්නේ පින්තාරු ශිල්පීන් අවසානයේදී ඔවුන්ගේම ව්‍යාපාර ගොඩනගා ගැනීමට විශ්වාසය හා හැකියාව ඇති සැබෑ වෘත්තිකයන් සහ ව්‍යවසායකයන් බවට පත් කිරීමට මග පෙන්වීමයි.”
මෙම වැඩසටහනේ ප්‍රතිලාභ පිළිබඳව අදහස් දක්වමින්, JAT Holdings හි අලෙවිකරණ අධ්‍යක්ෂ - දිල්ෂාන් රොඩ්‍රිගෝ මහතා මෙසේ ප්‍රකාශ කළේය.
“‘‘JAT පින්තාරු අභිමන් සංවිධානය කර ඇත්තේ, පින්තාරු ශිල්පීන්ට ලෝකයම පිළිගත් වෘත්තිකයන් බවට පත් වීමට, ඔවුන්ගේ ජීවන තත්වය ඉහළ නැංවීමට අවශ්‍ය මගපෙන්වීම ලබා දීම සඳහා ය. එමෙන්ම නව තාක්ෂණය, ශිල්පීය ක්‍රම සහ ක්ෂේත්‍රය පිළිබඳ අවබෝධය ඔවුන්ට ලබා දීමෙන්, අපි ඔවුන්ගේ ශිල්පයට ගෞරව කරන අතර ශ්‍රී ලංකාවේ දැව ආලේපන ක්ෂේත්‍රයෙහි පදනම ශක්තිමත් කරමින් සිටිමු.”
COMMENTS