ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ස්මාර්ට් ෆෝන් සන්නාමය වන Infinix, ස්මාර්ට් දුරකථන කලාවට අලු‍ත් අත්දැකීමක් එකතු කරමින් නවෝත්පාදන විශේෂාංග සහ ස්මාර්ට් බුද්ධියකින් සමන්විත නවතම මාදිලි පෙළක් හඳුන්වා දී ඇත. බොහෝ දෙනා බලා සිටි NOTE 60 ස්මාර්ට් ෆෝන් මාදිලි පෙළ ඉතා උත්කර්ෂවත් අයුරින් පසුගිය දා වෙළෙඳපොළට හඳුන්වා දෙන ලදී. කොළඹදී පැවැත්වුණු මෙම උත්සවය මගින් මෙරට වෙළෙඳපොළට Infinix දක්වන අඛණ්ඩ සැලකිල්ල මනාව පිළිබිඹු විය. 
මෙම නව මාදිලි පෙළම “Take Note, Take Lead” යන තේමාව යටතේ, වර්තමාන තරුණ පරපුරේ වේගවත් ජීවන රටාවට ගැලපෙන ලෙස නිර්මාණය කළ මෙම මාදිලි නවීනතම තාක්ෂණය, ඉහළ ක්‍රියාකාරීත්වය සහ ඊළඟ පරම්පරාවේ තාක්ෂණික විශේෂාංග රැසකින් සමන්විතය.
මාධ්‍යවේදීන්, තාක්ෂණික ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්, සමාජ මාධ්‍ය තරු සහ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් ඇතුළු සම්භාවනීය පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු මෙම උත්සවය, NOTE 60 ස්මාර්ට් ෆෝන් මාදිලි පෙළ මුල් වරට සියැසින් දැකගැනීමේ උනන්දුව සහ උද්‍යෝගය පිරුණු ආකර්ෂණීය සැඳෑවක් විය. මෙහිදී කාගේත් අවධානය දිනාගත් සුවිශේෂීම අංගය වූයේ එම උපාංගය සතු අති නවීන AI Matrix Display තාක්ෂණයයි. එදිනෙදා ජීවිතයේ කටයුතු බාධාවකින් තොරව කරගැනීම පහසු කරන මෙම දුරකථනයට, intelligent interface, personalized notification, Dynamic visual cues සහ තවත් interactive විශේෂාංග රැසක් ඇතුළත්ය. සාමාන්‍ය ස්මාර්ට් දුරකථනයක් භාවිතයෙන් එහාට ගිය අපූරු අත්දැකීමක් මේ නිසා භාවිත කරන්නාට හිමි වේ. 
ජනප්‍රිය කලාකරු යුකී නවරත්න විසින් ඉදිරිපත් කරන ලද සජීවී සංගීත ප්‍රසංගය, පැමිණ සිටි පිරිසට ඉතා උද්‍යෝගිමත් සංගීත අත්දැකීමක් තිළිණ කළේය. සංගීත ප්‍රසංගයේ තිබූ උද්වේගවත් සජීවී බව NOTE 60 දියත් කිරීමේ මොහොත තවත් විචිත්‍රවත් විය. මීට අමතරව, Infinity Band කණ්ඩායම විසින් ඉදිරිපත් කරන ලද ආකර්ෂණීය නර්තන අංගය උත්සවයට විචිත්‍රවත් බවක් එක් කළ අතර, එය NOTE 60 ස්මාර්ට් දුරකථන මාලාවේ උද්වේගිමත් ගුණය ද මනාව පිළිබිඹු කළේය.
Experience zone මෙහිදී කාගේත් ප්‍රධාන අවධානයට ලක්වූ ස්ථානයක් බවට පත්වූ අතර, එහි පැමිණ සිටි අමුත්තන්ට NOTE 60 මාදිලිය පිළිබඳ සියැසින්ම පරීක්ෂා කර බැලීමට ද අවස්ථාව හිමි විය. එහිදී ඔවුන්ට AI Matrix Display තාක්ෂණයේ වෙනස දැකගන්නටත්, Snapdragon මගින් බලගැන්වුණු 5G වේගය අත්විඳීමටත් අවස්ථාව හිමි විය. දුරකථන මාදිලියේ බාහිර පෙනුම සඳහා Ferrari මෝටර් රථයේ හැඩය ආභාසයට ගෙන තිබීම බොහෝ දෙනාගේ සිත්ගත් කරුණක් විය. NOTE 60 ස්මාර්ට් දුරකථන මාදිලි පෙළ බාධාවකින් තොරව කාර්යයන් කිහිපයක නිරත වීමේ හැකියාවෙන් සමන්විතය. සිත් ගන්නාසුලු තිරය සහ උසස් නිමාව, එදිනෙදා වැඩ කටයුතු නිර්මාණශීලීව හා ඵලදායී ලෙස කරගැනීමට මනා සහායක් ලබා දෙයි. 
මෙම අවස්ථාවට එක්වෙමින් Infinix ශ්‍රී ලංකා ප්‍රධාන විධායක නිලධාරී Muhammad Shahzeb Ather මහතා මෙසේ අදහස් දැක්වීය. “NOTE 60 ස්මාර්ට් දුරකථන මාදිලි පෙළ හඳුන්වාදීමෙන් පෙනී යන්නේ ලාංකික තාරුණ්‍යය තාක්ෂණයෙන් බලගැන්වීම කෙරෙහි අප දක්වන උනන්දුවයි. 5G සහ AI සමග ස්මාර්ට් දුරකථන අත්දැකීමක් ලාංකික පාරිභෝගිකයන්ට ලබා දෙමින් වේගයෙන් වෙනස් වන ඩිජිටල් ලෝකය තුළ අපගේ පාරිභෝගිකයන්ට වඩාත් වේගවත් සහ නිර්මාණශීලී වීමට අප අවස්ථාව සලසා දී තිබෙනවා.”‍
මෙම සහයෝගීතාව පිළිබඳව අදහස් දක්වමින් JBL Consumer and Embedded Audio BU අංශයේ පද්ධති ඉංජිනේරු අධ්‍යක්ෂ Cyrus Legg මහතා මෙසේ පැවසුවේය. “SOUND BY JBL හවුල්කාරිත්වය හරහා ලොව පුරා සිටින පාරිභෝගිකයන්ට උසස් තත්වයේ ශ්‍රවණ අත්දැකීමක් ලබා දීමේ අරමුණ ඇතිව, Infinix සමග එක්වීමට ලැබීම පිළිබඳ අප ආඩම්බර වෙනවා. විනෝදාස්වාදය මුල් කරගත් ක්ෂේත්‍රවල අපගේ දායකත්වය පුළුල් කරමින් මෙම සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම අපේ බලාපොරොත්තුවයි.”‍
මීට අමතරව, Infinix සහ Qualcomm Technologies අතර මුල් වරට ඇති කරගත් සහයෝගීතාව ද මෙහිදී නිවේදනය කෙරිණි. ඒ පිළිබඳව Qualcomm Technologies නිෂ්පාදන කළමනාකරණ ජ්‍යෙෂ්ඨ උප සභාපති Chenwei Yen මහතා මෙසේ පැවසීය. “Infinix සහ Qualcomm Technologies අතර ඇති කරගත් මේ සුවිශේෂී හවුල්කාරිත්වය හරහා ජංගම දුරකථන ක්‍රියාකාරීත්වය නව මානයකට රැගෙන යාමට අප සමත්ව තිබෙනවා. වේගය සහ බලය සම්බන්ධයෙන් නව ප්‍රමිති හඳුන්වා දෙමින්, තාක්ෂණයේ සීමා ජය ගැනීමට අප කැප වී සිටිනවා.”‍