2026 SLIM Kantar People’s Awards සම්මාන උළෙලේදී, වසරේ ජනප්‍රියම නිවාස සහ ඉදිකිරීම් සන්නාමය ලෙස නැවත වරක් කිරුළු පැළඳීමට INSEE සංස්ථා සිමෙන්ති පසුගිය දා සමත් විය. INSEEසංස්ථා විසින් මෙම සම්මානය අඛණ්ඩව දිනාගත් 15 වැනිඅවස්ථාව වීම ද විශේෂත්වයකි.
මෙම විශිෂ්ට ජයග්‍රහණය, ලංකාවේ නිවාස හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කොන්ක්‍රීට් කිරීම් සහ පුළුල් පරාසයක ඉදිකිරීම් යෙදීම් සඳහා  INSEE  සංස්ථා සන්නාමයේ නොසැලෙන නායකත්වය සහ විශ්වසනීය සිමෙන්ති සන්නාමය ලෙස සංස්ථා සිමෙන්ති තෝරාගත් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියුතු කොන්ත්‍රාත්කරුවන්, මේසන්වරුන්, ඉංජිනේරුවන් සහ නිවාස හිමියන් ඇතුළු පරම්පරා ගණනාවක් තැබූ විශ්වාසය නැවත වරක් තහවුරු කිරීමකි.
ලංකාව තුළ වසර 55කට වැඩි කාලයක් පුරා ලාංකික විශ්වාසය දිනූ INSEE සංස්ථා සිමෙන්ති මෙරට එකම දේශීය සිමෙන්ති සන්නාමය ලෙස ද කැපී පෙනෙයි. ගෙවුණු අඩසියවස පුරාම නවෝත්පාදනය, තිරසරභාවය සහ ගුණාත්මකභාවය වෙනුවෙන් කැපවෙමින්, ක්ෂේත්‍රයේ ප්‍රමිති නිරන්තරයෙන් ඉහළ නංවන්නට සමාගම සමත් වූ බව නොරහසකි. විවිධ ඉදිකිරීම් අවශ්‍යතා සඳහා ඉහළම ප්‍රමිතිගත ශක්තියක් සහ තිරසර බවක් ලබා දෙමින්, මෙරටට පෝට්ලන්ඩ් කොම්පොසිට් සිමෙන්ති (PCC)  හඳුන්වා දුන් ප්‍රථම සන්නාමය වන්නේද  INSEE සංස්ථා වේ. ලංකාවේ එකම පූර්ණ ඒකාබද්ධ සිමෙන්ති නිෂ්පාදකයා ලෙස, INSEE සංස්ථා, උසස් තාක්ෂණය හඳුන්වා දීම, පාරිසරික නිෂ්පාදන ප්‍රකාශන  (EPD) දිනා ගැනීම සහ තරු 5 හරිත ලේබල් සහතිකය ලබා ගැනීම වැනි ජයග්‍රහණ සමග ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා ලෙස අඛණ්ඩව රැඳී සිටියි.
තවද, ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානයෙන් (NCPC) ‘EcoLabel’  සහතිකය ලබාගත්  ලංකාවේ ප්‍රථම සිමෙන්ති සමාගම වන්නේද INSEE සංස්ථා සිමෙන්ති පමණකි. මෙම ඇගයීම් මගින් සන්නාමයේ තිරසරභාවය පිළිබඳ කැපවීම සහ රටේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අනාගතය හැඩගැස්වීම සඳහා එහි ඇති දායකත්වය මනාව පැහැදිලි වේ.
මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් INSEE සිමෙන්ති සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තුසිත් ගුණවර්ණසූරිය මහතා මෙසේ පැවසීය.
‘අඛණ්ඩව 15 වැනි වරටත් වසරේ ජනප්‍රියම නිවාස සහ ඉදිකිරීම් සන්නාමය ලෙස සම්මානයට පාත්‍ර වීම, ලාංකිකයන්  INSEE  සංස්ථා කෙරෙහි තබා ඇති විශ්වාසය ගැන ප්‍රබල සාක්ෂියක්. ප්‍රජාව සහ ක්ෂේත්‍රයේ හවුල්කරුවන් සමග අත්වැල් බැඳගනිමින්, අපි මෙරට ප්‍රමුඛතම සිමෙන්ති සන්නාමය ලෙස පමණක් නොව, තිරසර ඉදිකිරීම් සහ ජාතික සංවර්ධනයේ හවුල්කරුවකු ලෙස ද පෙනී සිටිනවා. අපගේ විශිෂ්ට නිපැයුම් හා සේවා රැස අඛණ්ඩව ලබා දෙන අතරම, ලංකාව ශක්තිමත් අනාගතයක් වෙත ඔසවා තබමින්, ජාතික සංවර්ධනයට දායක වීමටත් මෙම ඇගයුම අපව දිරිමත් කරනවා.”‍
මෙම සම්මාන උළෙලේදී INSEE සංස්ථා අඛණ්ඩව ලැබූ මෙම සාර්ථකත්වය, එහි ගුණාත්මකභාවය, විශ්වසනීයත්වය සහ නවෝත්පාදනය සඳහා වූ අසමසම කීර්තිය නැවත වරක් තහවුරු කරන්නට සමත් විය. වසර ගණනාවක් පුරා, තිරසර ගොඩනැගිලි විසඳුම් හරහා රටේ නිවාස හා යටිතල පහසුකම් සංවර්ධනයට සහය වෙමින් කටයුතු කළ INSEE සිමෙන්ති සන්නාමය ‘විශ්වාසයේ‘ අනන්‍යතාව බවට පත්ව ඇත.