- ශ්‍රී ලංකාව සහ IMF අතර EFF හරහා මේ දක්වා ඩො.බි. 1.74ක් හිමි වෙලා
- දිට්වා නිසා කල් ගිය පස්වැනි සමාලෝචනය පිළිබඳ අවධානය
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා අද (16) මෙරටට පැමිණීමට නියමිතව ඇතැයි එම අරමුදල පවසයි. මෙහිදී ඇය පෙබරවාරි 18 වැනිදා දක්වා මෙරට රැඳී සිටින බව සඳහන් වෙයි. මෙම සංචාරයේදී ඇය රජයේ බලධාරීන් සහ පාර්ශ්වකරුවන් සමගින් සාකච්ඡා කරනු ඇති බවත්, දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ බලපෑම් නිරීක්ෂණය කරනු ඇති බවත් එම අරමුදල පවසයි. එසේම යථාවත්වීමට සහ සියලුම ශ්‍රී ලාංකිකයන් සඳහා වඩාත් ශක්තිමත් අනාගතයක් ගොඩනැගීමට ලබාදිය හැකි සහයෝගය සම්බන්ධයෙන්ද සාකච්ඡා කිරීමටත් නියමිතව තිබේ.
ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර ක්‍රියාත්මක විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) වැඩසටහන යටතේ වසර හතරක් තුළ එක්සත් ජනපද ඩොලර් බිලියන 2.9ක මුදලක් ලබාදීම සැලසුම වී තිබේ. මෙය වාරික 08 කින් ලබා දෙන අතර, පළමු වාරිකය 2023 මාර්තු 20 වැනිදා හිමි විය.
මේ දක්වා මෙම වැඩසටහන යටතේ සමාලෝචන හතරක් අවසන්ව ඇති අතර, ඒ යටතේ ණය වාරික පහක් නිදහස් කර තිබේ. ඒ අනුව IMF මගින් මෙතෙක් ශ්‍රී ලංකාව වෙත ලබාදී ඇති ණය මුදලේ වටිනාකම ඩොලර් මිලියන 1,740 ක් පමණ වෙයි.
මේ අතර පසුගිය වසරේ අවසන් භාගයේදී සිදු කිරීමට නියමිතව තිබූ පස්වැනි සමාලෝචනය දිට්වා සුළි කුණාටුව හේතුවෙන් කල් දැමීමක් සිදු වූ අතර, ඒ අනුව හයවැනි ණය වාරිකය නිදහස් කිරීම ප්‍රමාද වී තිබේ. ඒ අනුව මෙම සංචාරයේදී IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය ඒ පිළිබඳවද අවධානය යොමු කරනු ඇතැයි සඳහන් වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd