- විධායක මට්ටමේ තනතුරු 7ක් ඇතුළු පුරප්පාඩු 45ක්
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) ඈවර කර, ස්වාධීන ආයතනයක් ලෙස ස්ථාපිත කිරීම සඳහා සැලසුම් කර ඇති රජය සතු සමාගමක් වන GovTech Sri Lanka (GovTech (pvt) Limited) හි ප්‍රධාන තනතුරු සඳහා සුදුසුකම් සහිත පුද්ගලයන්ගෙන් අයැදුම්පත් කැඳවා ඇතැයි පවසයි.
ඒ අනුව GovTech Sri Lanka හි ප්‍රධාන විධායක නිලධාරී, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී, ප්‍රධාන තක්ෂණික නිලධාරී, ප්‍රධාන නිෂ්පාදන නිලධාරී, ප්‍රධාන මූල්‍ය නිලධාරී, ප්‍රධාන මානව සම්පත් නිලධාරී සහ ප්‍රධාන අවදානම් සහ තොරතුරු ආරක්ෂක නිලධාරී යනාදී විධායක මට්ටමේ නිලධාරීන් ඇතුළුව තනතුරු 45ක් සඳහා මෙලෙස අයැදුම්පත් කැඳවා තිබෙන බව සඳහන් වෙයි.
ශ්‍රී ලංකාවේ ඩිජිටල් සංවර්ධනය වේගවත් කිරීම සහ ඩිජිටල් ආර්ථික සංවර්ධනය සඳහා ආයතනික රාමුවක් ස්ථාපිත කිරීම සඳහා මෙම GovTech Sri Lanka ස්ථාපිත කර තිබේ. දැනට ආරම්භ කර ඇති සහ ඉදිරියේදී ආරම්භ කිරීමට සැලසුම් කර ඇති ඩිජිටල් පරිවර්තන ව්‍යාපෘති බාධාවකින් තොරව ක්‍රියාත්මක කිරීමට හැකි වන පරිදි අවශ්‍ය බලතල සහිත ස්වාධීන ආයතනයක් වශයෙන් මෙය පවත්වාගෙන යාම රජයේ අරමුණ වී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd