ශ්රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) මූලිකත්වයෙන් ජනවාරි 10 සිට 13 දක්වා පැවති National Digital Consortia වැඩසටහන සාර්ථකව නිමා කිරීමට හැකිවූ බව එම ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
Microsoft, Zoom, AWS, Google Cloud, Oracle හා Huawei යන ගෝලීය තාක්ෂණික දැවැන්තයන් සයදෙනාගේ සහභාගීත්වයෙන් මෙමවැඩසටහන පැවැත්වුණ අතර මේ සඳහා, FITIS, SLASSCOM, BCS හා CSSL යන සංවිධාන සහාය වී තිබේ. මෙහි දී ගෝලීය තාක්ෂණික ක්ෂේත්‍රය හා සම්බන්ධ නවතම භාණ්ඩ හා සේවා තොරතුරු සහ ප්‍රවණතා පිළිබඳ සාකච්ඡාවට ලක්විය.
”ශ්‍රී ලංකාවේ ඩිජිටල්කරණය බලාත්මක කිරීම හා සැබැඳි ප්‍රධානතම රාජ්‍ය ආයතනය ලෙස, ICTA මගින් මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීම හරහා ශ්‍රී ලංකාව නවතම තාක්ෂණික ප්‍රවණතා වෙත යොමු කිරීම අපේක්ෂා කරනු ලබන බව මෙම අවස්ථාවට එක්වෙමින් ICTA හි ප්‍රධාන ඩිජිටල් ආර්ථික නිලධාරී, අනුර ද අල්විස් මහතා ප්‍රකාශ කළේය.
තවදුරටත් අදහස් දැක්වූ අනුර ද අල්විස් මහතා මෙසේ ද පැවසීය. ”ඩිජිටල් ආර්ථිකය, ජාතික ඩිජිටල්කරණ උපාය මාර්ගයන් තුළ ඉතා වැදගත් භූමිකාවක් ක්‍රියාත්මක කරනවා. අප මේ සිටින්නේ අපගේ ජාතික ඩිජිටල්කරණ උපාය මාර්ග ක්‍රියාත්මක කිරීමේ අවධියක. ඒ වගේම ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික වර්ධනය සියැසින් දැකගන්නට ලැබීම ඉතා සතුටට කරුණක්. ඉතිහාසයේ ප්‍රථම වරට අපට ඩිජිටල් ආර්ථික වර්ධනය තක්සේරු කිරීමේ හැකියාවක් දැන් උදාවී තිබේ. ඒ වගේම දළ දේශීය නිෂ්පාදිතය වෙත ඩිජිටල් ආර්ථිකයේ දායකත්වය සියයට 4.37 ක අගයක් ලෙස සටහන් වෙනවා.”
කෘෂිකාර්මික, සෞඛ්‍යය, අධ්‍යාපනික හා මූල්‍ය තාක්ෂණික යන අංශවලට අදාල තාක්ෂණික ප්‍රවණතා, රාජ්‍ය ඩිජිටල්කරණය හා සම්බන්ධ සිද්ධි අධ්‍යයන මෙන්ම සයිබර් ආරක්ෂණය හා පාරිභෝගික සබඳතා ද මෙම වැඩසටහන තුළ දී සාකච්ඡා කෙරුණු අනෙකුත් මාතෘකා අතර ප්‍රධානත්වය උසුලනු ලැබිණි.
-සටහන- චමින්ද මුණසිංහ
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ICTA සංවිධානය කළ National Digital Consortia නිමවේ