

ශ්‍රීලංකන් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන අංශය වන ශ්‍රී ලංකන් කාගෝ (SriLankan Cargo), ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය (IATA) මගින් පිරිනමනු ලබන සතුන් ප්‍රවාහනය පිළිබඳ ‘Center of Excellence for Independent Validators (CEIV) Live Animals’ සහතිකය හිමිකරගත් දකුණු ආසියාවේ ප්‍රථම ගුවන් සේවය බවට පත්වෙමින් කලාපීය වශයෙන් තවත් සුවිශේෂී ජයග්‍රහණයක් අත්කරගෙන ඇත.
සතුන් ගුවන් මගින් ප්‍රවාහනය කිරීමේ ඉහළම ගෝලීය ප්‍රමිතිය ලෙස සැලකෙන මෙම සහතිකය, සුරතල් සතුන් ඇති කරන්නන්, පශු සම්පත් හිමිකරුවන්, වනජීවී සංරක්ෂකයන් සහ සියලුම භාණ්ඩ ප්‍රවාහනය කරන්නන් වෙත ශ්‍රීලංකන් කාගෝ ආයතනය ලබාදෙන ප්‍රබල සහතිකයකි. එමගින් සතුන් වඩාත් මානුෂීය, ආරක්ෂිත සහ ආතතියෙන් තොර සුවපහසු තත්ව යටතේ ලොව පුරා ප්‍රවාහනය කරන බව සහතික කෙරේ.
“IATA CEIV Live Animals සහතිකය හිමිවීම, සතුන්ගේ සුබසාධනය සහ අපගේ මෙහෙයුම් විශිෂ්ටත්වය කෙරෙහි අප දක්වන කැපවීම මැනවින් පෙන්නුම් කරන්නකි. එමගින් සතුන් වඩාත් ආරක්ෂිතව හැසිරවීම, පුහුණු කණ්ඩායම්වල සේවය සහ අපගේ පාරිභෝගිකයන්ට විශ්වසනීය සේවාවක් සහතික කෙරේ.” ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් භාණ්ඩ ප්‍රවාහන අංශයේ ප්‍රධානී චමින්ද පෙරේරා මහතා පැවසීය.
IATA හි ආසියා-ශාන්තිකර කලාපීය උප සභාපති ෂෙල්ඩන් හී මහතා සඳහන් කළේ, මෙම සහතිකය හුදෙක් අනුකූලතාව පිළිබඳව පමණක් නොව, ගුවන් මගින් ප්‍රවාහනය කරන සතුන්ගේ ආරක්ෂාව සහ සුබසාධනය සහතික කරන්නක් බවයි. විශේෂයෙන්ම 2025 වසරේදී ගෝලීය වශයෙන් සතුන් ප්‍රවාහන නැව්ගත කිරීම් 200,000කට වඩා සිදු වී ඇති පසුබිමක, ශ්‍රීලංකන් ගුවන් සේවය මෙම ඉහළම ප්‍රමිති ක්‍රියාත්මක කිරීම පිළිබඳව තමන් සතුටු වන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd