ශ්‍රී ලංකා රක්ෂණ සංගමය (IASL) මගින් විද්‍යුත් මෝටර් රක්ෂණ ඩිජිටල් කාඩ්පත් ක්‍රමයක් හඳුන්වාදීමට කටයුතු යොදන බව පවසයි. ඒ අනුව ජනවාරි 07 වැනිදා නිල වශයෙන් මෙම විද්‍යුත් මෝටර් රක්ෂණ ඩිජිටල් කාඩ්පත දියත් කිරීම සිදු කරන බව එම සංගමය සඳහන් කරයි. එම සංගමයේ සාමාජික රක්ෂණ සමාගම් 13ක් එක්ව මෙම මුල පිරීම සිදු කරයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ශ්‍රී ලංකා රක්ෂණ සංගමය, “මෙම සුවිශේෂී දියත් කිරිම තුළින් රක්ෂණ කාඩ්පත් වෙනුවට විද්‍යුත් රක්ෂණ කාඩ්පත් පාරිභෝගිකයන්ට හිමි වෙනවා. මෙය මෝටර් රථ රක්ෂණය ඩිජිටල්කරණයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරාවි.’’ යනුවෙන් පවසා සිටියි.
මීට අමතරව 2026 ජනවාරි සිට USSD හෝ SMS හරහා සරල සහ පහසු තහවුරු කිරීමේ කේතනයක් මගින් (2252) මහජනතාවට ලබා ගත හැකි ජාතික රක්ෂණ සත්‍යාපන ක්‍රමවේදය (National Insurance Verification System) ඇතුළු ඩිජිටල් වැඩිසටහන් රැසක්ද IASL මගින් හඳුන්වා දෙනු ඇතැයිද එම සංගමය පවසයි.
COMMENTS