නවෝත්පාදන සහ ව්‍යවසායකත්ව වේදිකාවක් වන  ‘Hatch’, , සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරය සමග එක්ව ක්‍රියාත්මක කළ ‘ගොවිලැබ්’ කෘෂි තාක්‍ෂණික වැඩසටහනේ දෙවැනි අදියර සාර්ථකව අවසන් කළ බව නිවේදනය කළේය. ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නව තාක්ෂණික විසඳුම් හඳුන්වා දීම සහ ඒවා ප්‍රවර්ධනය කිරීම මෙම වැඩසටහනේ අරමුණ වන අතර කුඩා පරිමාණ ගොවීන්ගේ ජීවන තත්වය නංවාලීම කෙරෙහි මෙහිදී වැඩි අවධානයක් යොමු කෙරේ.
ගොවිලැබ් වැඩසටහන 2023 අගෝස්තු මාසයේදී රජයේ ‘පුළුල් ඩිජිටල් කෘෂිකාර්මික පරිවර්තනයIDAT ව්‍යාපෘතිය යටතේ ආරම්භ කරන ලදී. එය ආදායම් උත්පාදනය කරන කෘෂි ව්‍යාපාර සහ කෘෂි තාක්ෂණික ව්‍යාපාර සඳහා ජාතික මට්ටමේ වැඩසටහනක් ලෙස ක්‍රියා කරයි. තාක්ෂණික දැනුම, ව්‍යාපාරික උපදෙස්, වෙළෙඳපොළ ප්‍රවේශය, හවුල්කාරිත්ව සහ ධාරිතා වර්ධනය ඇතුළු සහයෝගය මෙම වැඩසටහන මගින් ලබා දෙයි.
පසුගිය වසර දෙක තුළ (2024-2026), මෙම වැඩසටහන මගින් කණ්ඩායම් දෙකක් යටතේ ආරම්භක ව්‍යාපාර 20කට සහාය ලබා දී ඇත. මෙම ප්‍රයත්නය කෘෂිකාර්මික ඵලදායිතාව, තිරසාරභාවය, ඩිජිටල්කරණය සහ සාකල්‍ය ආර්ථික වර්ධනය පිළිබඳ ජාතික ප්‍රමුඛතාවලට සමගාමීව ක්‍රියාත්මක වේ.
මෙම වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් Hatch  හි ප්‍රධාන විධායක නිලධාරී මෙවන් පීරිස් මහතා මෙසේ පැවසීය. ”‍ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට 30ක් පමණ නියැළී සිටින නමුත් දළ දේශීය නිෂ්පාදිතයට සියයට 8කට වඩා අඩු දායකත්වයක් ලබා දෙන කෘෂිකාර්මික ක්ෂේත්‍රයට තාක්ෂණය සහ කාර්යක්ෂමතාව අත්‍යවශ්‍ය වී තිබේ. ගොවිලැබ් කෘෂි තාක්‍ෂණික වැඩසටහන හරහා, මෙම අංශය අනාගතයට සූදානම් කිරීම සඳහා අවශ්‍ය ජාතික වේදිකාව අපි සපයන්නෙමු. පළමු කණ්ඩායම් දෙක මගින්, තම විසඳුම් ජාතික මට්ටමට ගෙන යාමට සහාය අවශ්‍ය වන කෘෂි තාක්ෂණික ආරම්භක ව්‍යාපාරවල ඇති ඉහළ හැකියාව මනාව ඔප්පු කර ඇත.”‍
මෙම වැඩසටහන මගින් විවිධ පරාසයක විහිදුණු නව්‍ය කෘෂි තාක්ෂණික විසඳුම් රැසක් ප්‍රදර්ශනය කළේය.
මෙම දෙවැනි කණ්ඩායම මෙතෙක් පැමිණි ගමන්මග 2026 මාර්තු 10 වැනිදා පැවැති අතිසාර්ථක ප්‍රදර්ශන දිනයකින් නිමාවට පත් විය. එහිදී සහභාගී වූ ආරම්භක ව්‍යාපාර තම දියුණු කළ නව්‍ය විසඳුම් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්, හවුල්කරුවන් සහ ව්‍යවසායකත්ව ප්‍රමුඛයන් වෙත ඉදිරිපත් කළහ. එමගින් තම ව්‍යාපාරය පුළුල් කිරීමට අවශ්‍ය වැදගත් සබඳතා සහ සම්පත් ලබා ගැනීමට ඔවුන්ට අවස්ථාව සැලසුණි.