Sensodyne නිෂ්පාදකයන් වනHaleon Lanka පුද්ගලික සමාගම, 2026 ලෝක මුඛ සෞඛ්‍ය දිනය සැමරීම වෙනුවෙන් දිවයින පුරා ඉහළ ජනතා සහභාගීත්වයක් ඇතිව මුඛ සෞඛ්‍ය ප්‍රවර්ධනයට වැඩසටහන් මාලාවක් සාර්ථකව පවත්වන ලදී. ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමය (SLDA) සමග හවුල්කාරිත්වයෙන් ක්‍රියාත්මක කරන ලද මෙම වැඩසටහන් මාලාව අතරට, දැනුවත් කිරීමේ වැඩසටහන් සහ නොමිලේ දන්ත පරීක්ෂණ මගින් ලාංකිකයන් මිලියන ගණනක් වෙත සේවාව සලසන්නට අවස්ථාව උදා කරගන්නා ලදී.
 දන්ත සංවේදීතාව (Dental Sensitivity)  සඳහා ලොව ප්‍රමුඛතම දන්තාලේප සහ දත්බුරුසු සන්නාමයක් වනSensodyne,  ලොව පුරා දන්ත සංවේදීතාවට ඇති ප්‍රමුඛ පෙළේ විසඳුමක් ලෙස පිළිගත් නිෂ්පාදනයකි. ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමය සමග සහයෝගීතාවෙන් සංවිධාන කළ මෙම වැඩසටහන් මාලාවෙන්, ලංකාව තුළ මුඛ සෞඛ්‍ය අධ්‍යාපනය සහ එම සේවා ලබා ගැනීමේ පහසුව තහවුරු කිරීමට Haleon සමාගම දක්වන කැපවීම තවදුරටත් තහවුරු තහවුරු කර ඇත. ‘#BeSensitivetoOralHealth: Take the first step යන තේමාව යටතේ ක්‍රියාත්මක වූ මෙම දීපව්‍යාප්ත වැඩසටහන, මුඛ සෞඛ්‍යයේ වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීමටත්, යහපත් මුඛ සෞඛ්‍ය පුරුදු සඳහා මුල් පියවර තැබීමට ලාංකිකයන් උනන්දු කිරීමටත් ඉලක්ක කරන ලදී. මෙම වැඩසටහන විශේෂයෙන් අවධානය යොමු කළේ ජනගහනයෙන් සැලකිය යුතු පිරිසකට බලපාන පොදු තත්වයක් වන දන්ත සංවේදීතාව Dental Sensitivity) කෙරෙහි ය. ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ (SLDA) සාමාජිකයන් විසින් පවත්වනු ලැබූ අධ්‍යාපනික සැසි හරහා නිවැරදිව දත් මැදීමේ ක්‍රම, නිතිපතා දන්ත පරීක්ෂණ කිරීමේ වැදගත්කම සහ සංවේදී දත් කළමනාකරණය සඳහා විශේෂ උපදෙස් ලබාදීම වැනි දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් මෙම පුළුල් වැඩසටහන් මාලාවට ඇතුළත් විය. මීට අමතරව, දීප ව්‍යාප්තව පවත්වන ලද දන්ත පරීක්ෂණ සායන මගින් 10,000කට අධික පිරිසකට නොමිලේ වෘත්තීය දන්ත පරීක්ෂාවන් සහ පෞද්ගලිකවම දන්ත වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට ද අවස්ථාව සලසා දෙන ලදී.
Haleon Lanka පුද්ගලික සමාගමේ වාණිජ අධ්‍යක්ෂ මංජුල වීරකෝන් මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය: ‘මුඛ සෞඛ්‍යය යනු සෞඛ්‍ය යහපැවැත්මේ වැදගත් අංගයක් වුවත්, ලංකාව තුළ එය බොහෝ විට නොසලකා හරින කාරණයක් බවට පත්ව තිබෙනවා. ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමය (SLDA)  සමග පවතින සමීප සහයෝගීතාව හරහා දිවයින පුරා මුඛ සෞඛ්‍ය නංවාලීමේ ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කිරීමට ලැබීම පිළිබඳවHaleon සමාගම ලෙස අප ඉතාමත් ආඩම්බර වනවා.