

ලංකා සේව්‍ය සම්මේලනය (EFC) විසින් පළමු වරට සංවිධානය කරනු ලැබූ 2025 ජාතික විශිෂ්ටතම සේවායෝජක සම්මාන උළෙල පසුගියදා පැවැත්විණ. එහිදී හැටන් නැෂනල් බැංකුව ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සේවායෝජකයන් 10 දෙනා අතරට එක්වෙමින් සම්මානයට පාත්‍ර විය. මෙම සම්මානය විශිෂ්ට සේවායෝජකයන් හඳුනා ගැනීම සඳහා වැදගත් හා විශ්වසනීය ජාතික මිනුම් ලකුණක් ලෙස සැලකේ. එය පාලනය, නායකත්වය, පුද්ගල කළමනාකරණ පිළිවෙත්, සේවක යහපැවැත්ම, ඉගෙනීම හා සංවර්ධනය, කාර්යසාධන කළමනාකරණය සහ සේවා ස්ථාන සංස්කෘතිය වැනි ක්ෂේත්‍ර මත පදනම්ව සමාගම් ඇගයීමට ලක් කරයි.
මෙම සම්මානයෙන් පිළිබිඹු කරන්නේ HNB සතු ශක්තිමත් මානව ප්‍රාග්ධන උපායමාර්ගික හැකියාවයි. පසුගිය වසර කිහිපය තුළ බැංකුව රැකියා භූමිකා සහ වගකීම් පැහැදිලි කිරීම සඳහා නව පියවර කිහිපයක් හඳුන්වා දුන් අතර එමඟින් බැංකුවේ සේවය කිරීමේ සමස්ත අත්දැකීම ද වැඩිදියුණු කර ඇත.
මේ පිළිබඳව අදහස් දක්වමින් HNB ජ්‍යෙෂ්ඨ උප සභාපති/ප්‍රධාන මානව සම්පත් නිලධාරී කේ. ඉන්ද්‍රවාසන් මහතා මෙසේ පැවසුවේය.
“රටේ විශිෂ්ටතම සේවායෝජකයන් 10 දෙනා අතරට එක්වීම යනු අප දිනපතා සිදු කරන කාර්යය හඳුනාගෙන එය අගය කරන බවට වැදගත් සහතික කිරීමක්. HNB සාමාජිකයන් කළමනාකරණය කිරීමේදී අප අනුගමනය කරන ඉහළ ප්‍රමිති මෙන්ම HNB යනු ඔවුන්ගේ දායකත්වය අගය කරන සහ ඔවුන්ගේ වෘත්තීය වර්ධනයට සහාය වන සේවා ස්ථානයක් බව එමඟින් පෙන්නුම් කරනවා. මෙම පිළිගැනීම අපගේ සේවා ස්ථාන සංස්කෘතිය තවදුරටත් ශක්තිමත් කිරීමට සහ සෑම සාමාජිකයකුටම සාර්ථක වීමට අවශ්‍ය සහයෝගය ඇති බව සහතික කිරීමට අපව දිරිමත් කරනවා. තවද අපගේ සාමාජිකයන්ගේ කුසලතා හා හැකියාව වර්ධනය කරන සහ බැංකුව වෙනුවෙන් ඔවුන් ලබා දෙන දායකත්වය අගය කරන සේවා ස්ථානයක් නිර්මාණය කිරීම සඳහා HNB හි කැපවීම ද මෙම සම්මානය මගින් තවත් ශක්තිමත් කරනවා.”
බාහිර උපදේශකයන්ගේ සහාය ඇතිව HNB විශේෂ උපාය මාර්ගික ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළේය. එහි කොටසක් ලෙස බැංකුව එහි ආයතනික ව්‍යුහය සමාලෝචනය කිරීම, රැකියා ශ්‍රේණි හා වැටුප් පරාසවලට වර්ගීකරණය කරන පද්ධතියක් නිර්මාණය කිරීම මෙන්ම සේවක වන්දි සහ ප්‍රතිලාභ තක්සේරු කළේය. මෙහි අරමුණ වූයේ සාමාජිකයන් තම රැකියා භූමිකා තුළින් අපේක්ෂා කරන දේ සහ වැටුප් හා ප්‍රතිලාභ පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා දෙමින් සියලුම අංශ හරහා ස්ථාවර සේවා ප්‍රමිති නිර්මාණය කිරීමයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd