HNB කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සන්ජේ විජේමාන්න යන මහත්වරුන් Superbrand  සම්මානය අතැතිව.


දශක ගණනාවක් පුරාවට පවත්වා ගෙන ආ කීර්ති නාමය, ස්ථාවර ඉහළ කාර්යසාධනය සහ බැංකු ක්ෂේත්‍රයේ පෙන්නුම් කර ඇති විශිෂ්ට නායකත්වය ඇගයීමට ලක් කරමින් හැටන් නැෂනල් බැංකුව පසුගියදා Superbrand සම්මානයෙන් පිදුම් ලැබීය. සන්නාමයේ ශක්තිය පිළිබඳව ස්වාධීන ඇගයීම් ක්‍රියාවලියකින් පසුව ගෝලීය Superbrand සංවිධානය විසින් ශ්‍රී ලංකාවේදී මෙම සන්නාමය ලබා දුන්නේය.

මේ පිළිබඳව අදහස් දක්වමින් HNB කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත මහතා මෙසේ පැවසුවේය. “මෙම Superbrand සම්මානයෙන් පෙන්නුම් කරන්නේ දශක ගණනාවක් පුරාවට ශ්‍රී ලාංකිකයන් අපගේ සන්නාමය කෙරෙහි තබා ඇති විශ්වාසයයි. මෙම විශ්වාසය ඇතිව තිබෙන්නේ අපගේ දක්ෂ හා ශක්තිමත් කාර්ය මණ්ඩලය සහ බැංකුව විසින් තීරණයක් ගන්නා සෑම අවස්ථාවකම පාරිභෝගික අවශ්‍යතාවලට මුල් තැන දීම සඳහා නිර්මාණය කර ඇති බැංකුවේ පද්ධති නිසයි- ශක්තිමත් වටිනාකම් සහ විනයගරුක පාලනයක් මගින් මෙහෙයවනු ලබන දක්ෂ හා කැපවුණු කණ්ඩායමක් HNB සතුයි. තත්වය වෙනස්වන විට අපි පැහැදිලි හා කාලෝචිත පියවර ගන්නා අතරම වගකීමෙන් යුතුව බැංකු කටයුතු කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් බුද්ධිමත් තීරණ ගැනීමට ද කටයුතු කරනවා. ඒවගේම අපගේ පාරිභෝගිකයන්ගේ සහ රටේ දිගුකාලීන ප්‍රගතියට සැබවින්ම සහාය වන සේවාවක් ද අප සපයනවා.” යනුවෙනි.

තරුණ, ක්ෂුද්‍ර මූල්‍ය, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, නැගී එන ව්‍යාපාර සහ විශාල ආයතන ඇතුළු සියලු‍ම ප්‍රධාන අංශවල පාරිභෝගිකයන්ට HNB සේවය කරයි. තවද බැංකුව සෑම පාරිභෝගිකයකුගේම අවශ්‍යතාවලට ගැළපෙන පරිදි නිර්මාණය කර ඇති බැංකු සේවා පිරිනමමින් ඔවුන්ට අඛණ්ඩව සහාය ලබා දෙයි. එමෙන්ම බැංකුව දිගුකාලීන සහකරුවකු ලෙස ක්‍රියා කරමින් පාරිභෝගිකයන්ට ඔවුන්ගේ පෞද්ගලික ජීවිතයේ හෝ ව්‍යාපාරික ගමනේ විවිධ අවස්ථා වලදී ද ඔවුන්ට සහාය වෙයි.

මීට අමතරව HNB පාරිභෝගික සබඳතා ගොඩනැගීම කෙරෙහි අවධානය යොමු කරමින් පාරිභෝගිකයන්ට අවශ්‍ය විටෙක පුද්ගලික සහාය ලබා දෙන අතරතුර ඩිජිටල් බැංකු සේවා ද ලබා දෙයි. මෙම ප්‍රවේශය හේතුවෙන් බැංකුවේ ඩිජිටල් සේවා භාවිතය වර්ධනය වූ අතර මේ වන විට මිලියන 1.1කට වැඩි පාරිභෝගිකයන් සංඛ්‍යාවක් බැංකුවේ ඉහළ ශ්‍රේණිගත කිරීම් සහිත ජංගම දුරකතන යෙදවුම භාවිත කරයි. වැදගත් මූල්‍ය තීරණ ගැනීමේදී විශ්වාසය ඉතා වැදගත් වන මොහොතක බැංකුව සයිබර් ආරක්ෂාව, දත්ත ආරක්ෂාව සහ අවදානම් කළමනාකරණය සඳහා ද ආයෝජනය කරයි. තවද ශ්‍රී ලංකාවේ පළමු metal මාස්ටර් කාඩ්පත හඳුන්වා දීමේ සිට Visa සමග එක්ව HNB Accept හරහා වෙළෙඳ ප්‍රවේශය පුළුල් කිරීම දක්වා පාරිභෝගකයන්ට හා වෙළෙඳපොළ අවශ්‍යතාවලට ගැළපෙන ප්‍රායෝගික විසඳුම් ලබා දීමට ද HNB කටයුතු කරයි. එපමණක් නොව අධිවේගී මාර්ග ගාස්තු ගෙවීම් ඩිජිටල්කරණය කිරීම සඳහා වන වසර පහක සුවිශේෂී ව්‍යාපෘතිය වැනි ජාතික ව්‍යාපෘති සඳහා ද බැංකුව වැදගත් දායකත්වයක් ලබා දී ඇති අතර එමගින් ආරක්ෂිත, මහා පරිමාණ ඩිජිටල් ව්‍යාපෘති මෙහෙය වීමේ බැංකුවේ හැකියාව ද මැනවින් පෙන්නුම් කරයි.

HNB 2025 වසර සඳහා Superbrand සම්මානයෙන් පිදුම් ලැබීමෙන් දශක ගණනාවක් පුරාවට HNB කෙරෙහි ඇති විශ්වාසය, සැලසුම් මනා කළමනාකාරීත්වයකින් යුතුව ක්‍රියාත්මක කිරීම සහ බැංකුවේ දිගු කාලීන වැදගත්කම සනාථ කරයි. තවද මෙමගින් පැහැදිලි හා නිවැරදි චින්තනයකින්, අභියෝගවලට මුහුණ දීමේ හැකියාවෙන් සහ දිගුකාලීන අරමුණක් සහිතව මෙරට බැංකු ක්ෂේත්‍රයට නායකත්වය ලබා දීමට HNB සතු හැකියාවද පෙන්නුම් කෙරේ. 

පාරිභෝගික ඒකක 257 ක් දීපව්‍යාප්තව පවත්වාගෙන යන HNB ශ්‍රී ලංකාවේ විශාලතම සහ වඩාත් තාක්ෂණික නවෝත්පාදන බැංකුවකි. 2024 Asian Banker Global Excellence in Retail Financial Services සම්මාන උළෙලේදී 15 වැනි වසරටත් මෙරට විශිෂ්ටතම පාරිභෝගික බැංකුව ලෙස HNB සම්මානයට පාත්‍ර විය. තවද එක්සත් රාජධානියේ ද බෑන්කර් සඟරාව විසින් ලෝකයේ හොඳම බැංකු 1000 අතරට ද 2025 වසරේ ශ්‍රී ලංකාවේ ශක්තිමත්ම බැංකුව ලෙස TAB Global විසින් ද HNB නම් කර ඇත. මීට අමතරව HNB මෑතකදී එක්සත් රාජධානියේ ද බෑන්කර් සඟරාව වෙතින් 2025 ශ්‍රී ලංකාවේ වසරේ බැංකුව ලෙස බ්‍රැකන් සම්මානයෙන් ද පිදුම් ලැබුවේය. එමෙන්ම Euromoney විශිෂ්ටතා සම්මාන උළෙලේදී 2025 වසර සඳහා ශ්‍රී ලංකාවේ විශාල සමාගම් සඳහා හොඳම බැංකුව ලෙස ද බැංකුව පිළිගැනීමට ලක් විය.