ලොව විශාලතම සහ කීර්තිමත් ආහාර හා පාන වර්ග ප්‍රදර්ශනයක් වන 'ගල්ෆුඩ් (Gulfood) 2026' සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (SLEDB) මෙවර ඉතා සුවිශේෂී සූදානමක් සිදුකර ඇත. ශ්‍රී ලංකාවේ නිෂ්පාදන සහ සේවා සඳහා ප්‍රමුඛතම අපනයන මධ්‍යස්ථානයක් ලෙස ස්ථානගත කිරීමේ දැක්ම ඇතිව ක්‍රියා කරන අපනයන සංවර්ධන මණ්ඩලය, වාර්ෂිකව ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශන 20කට අධික සංඛ්‍යාවක් සංවිධානය කරයි. ඒ අතරින් Anuga (ජර්මනිය), SIAL (ප්‍රංශය) සහ Biofach (ජර්මනිය) වැනි ප්‍රමුඛ ප්‍රදර්ශන අතර Gulfood ප්‍රදර්ශනය එහි ප්‍රධානතම අවස්ථාවක් ලෙස සැලකේ.
මෙම ප්‍රදර්ශනය ජනවාරි 26 සිට ජනවාරි 30 දක්වා ඩුබායි හිදී පැවැත්වෙන අතර එය ඩුබායි ප්‍රදර්ශන මධ්‍යස්ථානය (Dubai Exhibition Centre) සහ ඩුබායි ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය (Dubai World Trade Center) යන දැවැන්ත පරිශ්‍ර දෙකකදී පැවැත්වේ. රටවල් 195 කින් ප්‍රදර්ශකයින් 8,500 කට අධික පිරිසක් සහභාගී වන මෙහි නිෂ්පාදන මිලියන 1.5 ක් ක්ෂේත්‍ර 12 ක් යටතේ ප්‍රදර්ශනය කෙරේ.
ඩුබායි ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ ස්ථාපනය කර ඇති ශ්‍රී ලංකා මණ්ඩපය වර්ග මීටර් 510 ක වපසරියකින් යුක්ත වන අතර, එය මෙතෙක් ශ්‍රී ලංකාව සංවිධානය කළ විශාලතම B2B මණ්ඩපයයි. මෙවර සහභාගී වන අපනයන සමාගම් 61 අතරින් සමාගම් 33 ක්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (SME) වන අතර, එය සමස්ත සහභාගීත්වයෙන් සියයට 50 කට ආසන්න ප්‍රමාණයකි. මෙමගින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ අපනයන තරගකාරිත්වය ඉහළ නැංවීම සහ තිරසාර ආර්ථික වර්ධනයක් ප්‍රවර්ධනය කිරීම අපේක්ෂා කෙරේ
මැදපෙරදිග, අප්‍රිකානු සහ දකුණු ආසියානු (MEASA) කලාපය ශ්‍රී ලංකාවට ඉතා වැදගත් වෙළෙඳපොළක් වන අතර, 2024 වසරේදී ශ්‍රී ලංකාව මෙම කලාපයට ඇමරිකානු ඩොලර් මිලියන 1,381 ක කෘෂිකාර්මික භාණ්ඩ අපනයනය කර ඇත. සමස්ත මැදපෙරදිග සහ අප්‍රිකානු ආහාර පාන වෙළෙඳපොළ 2024 වසරේදී ඇමරිකානු ඩොලර් බිලියන 133.68 ක අගයකින් යුක්ත වූ අතර, එය 2031 දක්වා සියයට 6.5 ක වාර්ෂික වර්ධන වේගයක් පවත්වා ගනු ඇතැයි ගණන් බලා ඇත.
Waguruwela Oil Mills, Aussee Oats Milling, NDC Exports, Consolidated Business Systems Limited, Elpitiya Plantations PLC, Ceylon Agro-Industries Limited, Sunshine Tea, Bespice, Adamexpo, Renuka Agri Foods PLC, Jaindi Exports, Ceylon Cold Stores PLC, Cargills Ceylon PLC, Wichy Plantation Company, C.W. Mackie PLC, Colombo Export & Import Agencies, Link Natural Products, Ceylon Eco Spices, Tropical Life International, New Lanka Cinnamon, Ranfer Teas, Cherish Biscuits, Metshu Exports, Expo Commodities, Global Trading Services, Pelwatte Dairy Industries, Maliban Biscuit Manufactories, සහ CBL Natural Foods,වැනි මහා පරිමාණ සමාගම් 28 ක් සහ Siddhalepa Exporters, Bio Extracts, Muswenna Tea Factory, Greenfield Bio Plantations, D&R Exports, Saya International Tea and Food Exports, Ranre International, Virco International, Tradlanka Agricultural Enterprises, Planto Ceylon, Prestige Quality International, Rancrisp Marketing, Ellawala Horticulture, Ethical Extracts, Supreme Agro Exports, Everblot Food Products, Nelna Agri Development, Knuckles Valley Plantation, P.T.C Agro, Russel’s, Kumara Cinnamon Exporters, Scattered Harvest, Ceylon Coco Green Manufacturing, Diana Biscuits, Centra Exports, Wedagedara Producers, Lavinia Foods, Authentic Lanka Exports, Sinolan Tea, Development Facilitators, Sisili Trading, Virgin Cinnamon International, සහ Healing Life International වැනි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (SME) 33 ක් ඇතුළත් වේ.
නරඹන්නන්ට උසස් තත්වයේ පොල් ආශ්‍රිත නිෂ්පාදන, කුළුබඩු, තේ, සහ නව්‍ය ක්ෂණික ආහාර (ready-to-eat) ගවේෂණය කිරීමට මෙහිදී අවස්ථාව ලැබේ. ප්‍රදර්ශනය හරහා ජාත්‍යන්තර ගැනුම්කරුවන් සමග සෘජුව සම්බන්ධ වෙමින්, විශ්වාසදායක සහ නවෝත්පාදන ආහාර සැපයුම්කරුවකු ලෙස ශ්‍රී ලංකාවේ නාමය ලොව පුරා තවදුරටත් තහවුරු කිරීමට අපේක්ෂිතය.