Groundworth විසින් සිය නවතම ව්‍යාපෘතිය වන “Legado by Groundworth” පසුගියදා දියත් කරනු ලැබීය. බස්නාහිර මෙගා පොලිස් සංවර්ධන වැඩසටහන යටතේ ඉදිරියේ දී ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානයක් බවට පත්වීමට නියමිත වේගයෙන් වර්ධනය වන උප නගරයක් වන හෝමාගම පිහිටි Legado, උපායමාර්ගික ස්ථානයක් වගේම පහසු සම්බන්ධතා සහ දිගුකාලීන වටිනාකම එකට එක් කරන ව්‍යාපෘතියකි.
කොට්ටාව අන්තර් හුවමාරුවේ සිට කිලෝමීටර් 4.5ක් සහ හෝමාගම හන්දියේ සිට කිලෝමීටර් 3ක් පමණ දුරින් පිහිටි Legado, වේගයෙන් වර්ධනය වන නේවාසික හා වාණිජ කලාපයක පිහිටා ඇති බැවින් High-Level Road සහ Southern Expressway හරහා කොළඹට පහසු ප්‍රවේශයක් ලබා දෙයි. දියගම මාර්ගයේ සිට මීටර් 400ක දුරින් පිහිටීම නිසා පහසු ගමනාගමනයක් ද සපයයි. Medihelp රෝහල කිලෝමීටර් 3ක්, මූලික රෝහල කිලෝමීටර් 4ක් ද ප්‍රමුඛ ජාත්‍යන්තර සහ රජයේ පාසල් සහ Cargills Food City කිලෝමීටර් 1ක් ද ඇතුළත පිහිටීම මෙන්ම ආසන්නයේ පිහිටි ආපනශාලා සහ කැෆේ රැසක් මෙහි අවට පවතින පහසුකම් අතරට අයත් වේ.
මෙම ව්‍යාපෘතිය සතු පළමු පන්තියේ බිම්සවිය හිමිකම් ඔප්පු, ගැනුම්කරුවන්ට වැඩි ආරක්ෂාවක් සහ විශ්වාසයක් ලබා දෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd